හිටපු කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුව ඇති ප්රශ්නය මේ වන විට උඩුදුහා ගොස් ඔහු ඉල්ලා අස්වන තැනට කටයුතු සිදුවී තිබේ . හිටපු කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්රශ්නය දඩ මීමා කරගෙන කිසිවක් කර කියා ගන්නට බැරුව සිටි විපක්ෂය ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන්නට ක්‍රියාමාර්ග සකසමින් සිටියා. විපක්ෂය ගෙන එන්නට සූදානම් වන විශ්වාස බංගය පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට වසන්ත සමරසිංහ නාමල් කරුණාරත්න වැනි අය තග දැම්මේ ඔවුන් සතුව පවතින තුනෙන් දෙක ඉක්මවූ බලය කේවල් කරමින් .
කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ අඩුම කාලයක් කතානායක ධූරයේ සිටි කථානායකවරයා ලෙස ඉතිහාසගත වෙමින් දසවන පාර්ලිමේන්තුවට ඒකමතිකව තෝරාපත් කරගත් අශෝක සපුමල් රන්වල මහතා තම ධූරයෙන් ඉල්ලා අසුනා.
කථානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් මේ තරම් විශාල ගැටළුවක් මතු කලේ ඇයිද කියන එක පිළිබඳව විමසා බැලීම ඉතාම වැදගත් වෙනවා. මේ ලිපියේ ප්‍රධාන අරමුණ අන්න ඒ පිළිබඳව යම් අදහසක් නිර්මාණය කිරීමයි.
පාර්ලිමේන්තුවේ මෙතෙක් සිටි කතානායකවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම පිළිබඳව මේ තරම් බරපතල කතාවක් නිර්මාණය වුණු අවස්ථාවක් අපගේ මතකයේ නැහැ ..
අට පාස් නැති උන් රට පාලනය කරනවා ,රට තුළ පොදු විවේචනයක් දේශපාලකයන්ට එරෙහිව තිබුණත් පාර්ලිමේන්තුවට තේරී ගිය පසු ලැබෙන වගකීම හෝ නිලය නිසි ලෙස ක්‍රියාත්මක කරනවාද කියා බලා ඊට එරෙහි විවේචනයක් එල්ල කළා මිස ආචාර්යවරයෙක්ද මහාචාර්යවරයෙක්ද එසේත් නැත්නම් ඒ අමාත්‍ය ධුරය දරන්නට තරම් සුදුසු පුද්ගලයෙක්ද කියා හාර අවුස්සා බලන්නට ලොකු උවමනාවක් සමාජය පත්ලෙන් පැන නැගුනෙ නැහැ . විවේචන එල්ල කළ අය ඒවා වේදිකාවල පමණක් සීමා කරගෙන දේශපාලන වාසි ප්‍රයෝජන සඳහා පමණක් යොදාගෙන ඒ කතා අමතක කර දැමුවා. නමුත් මේ කථානායකවරයාගේ ප්රශ්නයේදී සමාජයක් මේ පිළිබඳව උනන්දු වන්නේ කුමන හේතුවක් නිසාද කියන එක සලකා බැලීම වැදගත් වෙනවා .
අනුර කුමාර ඇතුළු කණ්ඩායම රට ගොඩ ගන්න නම් මූලික වශයෙන්ම වංචාව දූෂණය පිටුදැකීම කියන කාරණය සමාජගත කරන්නට විශාල වෙහෙසක් දැරුවා වගේම ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය උගත් බුද්ධිමත් පිරිසක් බව රටට පුන පුනා ප්‍රකාශ කළේ ඔවුන්මය . ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළ ඉහළ තනතුරු ලබන සෑම පුද්ගලයකුම උසස් අධ්‍යාපන මට්ටමක් සහිත තනතුරට සුදුසුකම් ඇති පුද්ගලයන්ව පමණක් ඉදිරිපත් කරන බව කීවේද ජාතික ජන බලවේගයයි . මේ අර්ථ නිරූපණ සහ උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරු රට පාලනය කරන්නේ නම් ඒ රට සංවර්ධනය කරන්න පුළුවන් බවට ජනතාව තුළ මතයක් නිර්මාණය කරලා පැලපදියම් කළ ජාතික ජන බලවේගය තමන් විසින් අටවාගත් ඒ උගුලේ ගොදුරක් බවට කථානායක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් ප්රශ්නයේදී පැටලුණි.
ජාතික ජන බලවේගයෙන්ම නිර්මාණය කරපු ඉහත තත්ත්වය මත ඔවුන්ගේ කණ්ඩායමේ කෙනෙක් මෙවන් වංචාවක් කර තිබෙන බව විපක්ෂය සහ ජාතික ජන බලවේග දේශපාලනය විවේචනය කරන කණ්ඩායම සැක පළ කළොත් අත්වන ඉරණම මෙය බව ඔවුන් කල් ඇතිව දැන සිටිය යුතුය. මොකද ඔවුන් විසින් නිර්මාණය කර සමාජගත කළ රාමුවෙන් පිට ඔවුන්ගේම පිරිස ගමන් කරන බව දැනෙන ප්‍රථම තත්පරයේදීම ප්‍රශ්න කර නැගී සිටීමට එය ඉවහල් වන ප්‍රබල සාක්ෂියක් වන බව අනිවාර්යයකි.
මේ ගැටලුව මේ තරම් දුර නොගොස් අධ්‍යාපන සුදුසුකම් අභියෝගයට ලක් කළ මොහොතේදීම දේශපාලන කණ්ඩායමක් ලෙස ජාතික ජන බලවේගය ඊට ප්‍රතිචාර දැක්වුවේ නම් මේ ප්රශ්නය මේ තරම් ඔවුන්ගේ ප්‍රතිවාදී දේශපාලනයේ වාසිය සඳහා ක්‍රියා නොකරන්නට ඉඩ තිබුනා.
එපමණක් ද නොව රන් වලට තම කණ්ඩායම ඉතා අමාරුවෙන් ලබාගත් මේ ජයග්‍රහණය පළුදු නොකර තමන්ගේ හෘද සාක්ෂිය සමඟ එකඟව කටයුතු කළා නම් මේ ප්රශ්නය මීටත් වඩා හොඳට නිරාකරණය කරගන්න ඉඩ තිබුණා. කෙසේ වෙතත් දැන් සියල්ල සිදුවී අවසානය. සපුමල් රන්වල හිටපු කතානායක බවට පත්වී අවසානය.
රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධ කිරීම සඳහා මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලියුම කියවීමෙන්ද යළි පැන නගින්නේ පැනයකි. තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීමට ඔහු සතු සිදු ලියවිල්ලක් නොමැති බව ඉන් සනාථ වෙනවා. එය අපට විශ්වාස කළ හැකිද? කළ යුතුද? යළි කැරකී පැන නගින්නේ එවන් පැනයකි. කෙසේ වෙතත් ඔහු විසින් උද්ගත කළ මේ අර්බුදය ඔහුගේ ඉල්ලා අස්වීම මත පදනම්ව අහෝසි වී යන්නේ නැති බව ඔහු අවධාරණය කරගත යුතු වෙනවා වගේම මේ හරහා ඇතිවුණු අවලාදය සමනය කර ගැනීමට නම් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සහතික සමාජගත කළ යුතුයි.
එපමණක් ද නොව අප අවධානයෙන් කියන අනෙක් කරුණ නම් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ සහ ජනතාව විසින් ඉවත් කළ දේශපාලකයන්ට මේ තුළින් දේශපාලන වාසි ලබා ගැනීමට අවස්ථාව නිර්මාණය කළ යුතු නොවේ.