රුපියල් මිලියන 1 488 ක් හිටපු අයගේ ආරක්ෂාවට – මහජන ආරක්ෂක ඇමතිගේ හෙළිදරව්ව  

දේශපාලකයන් රටේ මහජන මුදල් විශාල වශයෙන් ඔවුන්ගේ උවමනාවන් වලට යොදා ගන්නට කටයුතු කර  ඇති බව අද පාර්ලිමේන්තුවේදී හෙළිදරවුණා.

හිටපු ජනාධිපතිවරු සහ ඔවුන්ගේ බිරින්දෑවරු නඩත්තු කිරීම සඳහා පමණක් නොව ඔවුන්ගේ ආරක්ෂාව සැපයීම සඳහාත්  අති දැවැන්ත මුදල් සම්භාරයක්  පොදුජන මුදලින් වියදම් කරන්නට සිදුවී තිබෙන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පෙන්වා දුන්නා. ගෙවුණු මාස 11 තුළ  පමණක් හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රුපියල් මිලියන 1488  වැය බරක් දරා ඇති බව හෙළිදරව් වුණා.  මේ සා විශාල මුදලක් වැය කර තිබෙන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා වීම සුවිශේෂී වෙනවා.

මේ දැවැන්ත වැය බර කප්පාදු කිරීම සඳහා ලබන සතියේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පොලිසියට භාරදී අනෙකුත් ත්‍රිවිධ හමුදාවන් ඉවත්කර ගන්නා බව මහජන ආරක්ෂක ඇමති  ආනන්ද විජේපාල ප්‍රකාශ කර සිටියා .

එසේම  හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ලබා දී තිබෙන ආරක්ෂාව ඉවත් කිරීම ඔවුන්ගේ ආරක්ෂාව අඩු කිරීමක් නොව නිසි ඇගයීමකට පසුව අතිරික්ත ආරක්ෂක බටයන් ඉවත් කිරීමක් බව ද  පෙන්වා දෙන විෂය භාර ඇමතිවරයා මේ ක්‍රියාවලිය කිසිදු පුද්ගලයෙක් ඉලක්ක කරගෙන සිදුකරන එකක් නොවන බවද පැහැදිලි කළා.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් වඩාත් බරපතල විදිහට කෝපාවිෂ්ට වී තිබෙන් සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමේ කට්ටියයි. මහින්දට සුවිශේෂී ආරක්ෂාවක් ලබා දිය යුතු බව පෙන්වා දෙන ඔවුන් ප්‍රකාශ කරන්නේ තිස් වසරක යුද්ධය අවසන් කළ  ජනාධිපතිවරයා ලෙස ඔහුට සුවිශේෂී අනතුරක් පවතින බව.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...