මේ වසරේ විදේශ ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි – වැඩිම පිරිස මැදපෙරදිගට

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා.

අද දින (2024.12.13) වන විට එලෙස රැකියා සඳහා විදෙස් ගත වූ ප්‍රමාණය 300,162ක්.

2022 වර්ෂයේදී ශ්‍රමිකයින් 310,948ක් රැකියා සඳහා විදේශ ගතවීමෙන් අනතුරුව වසර 10 ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙයයි.

2024 වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 177,804 හා කාන්තාවන් 122,358 ක් රැකියා සඳහා විදේශ ගත වී ඇති අතර අදාළ කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම 40.7%ක් වන අතර පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මුළු සංඛ්‍යාවෙන් 60% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 184,140 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 116,022 ක්.

එමෙන්ම එහිදී ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 73,995 ක් බව සඳහන්.

දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 49,499 ක්.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...