මේ වසරේ විදේශ ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි – වැඩිම පිරිස මැදපෙරදිගට

2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා.

අද දින (2024.12.13) වන විට එලෙස රැකියා සඳහා විදෙස් ගත වූ ප්‍රමාණය 300,162ක්.

2022 වර්ෂයේදී ශ්‍රමිකයින් 310,948ක් රැකියා සඳහා විදේශ ගතවීමෙන් අනතුරුව වසර 10 ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙයයි.

2024 වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 177,804 හා කාන්තාවන් 122,358 ක් රැකියා සඳහා විදේශ ගත වී ඇති අතර අදාළ කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම 40.7%ක් වන අතර පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මුළු සංඛ්‍යාවෙන් 60% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 184,140 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 116,022 ක්.

එමෙන්ම එහිදී ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 73,995 ක් බව සඳහන්.

දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 49,499 ක්.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...