එක්ස්ප්‍රස් පර්ල් පරිසර හානියට අදාළ නඩු කටයුතු ගැන තවමත් අවසන් තීරණයක් නැහැ

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදුව ඇති පරිසර හානියට අදාළව ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක වන්දි මුදල ලබාගැනීමේ සිවිල් නඩුව පැවරිය යුත්තේ ශ්‍රී ලංකාවේද, නොඑසේ නම් සිංගප්පූරුවේද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අදාළ පාර්ශ්ව සමග නැවත රැස්වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් 2023 මාර්තු 23වැනිදා සිට දින 58ක් ඇතුළත අදාළ නඩු පැවර්ම සිදු කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ගේ සභාපතිත්වයෙන් පැවැති පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් විය.

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස්පර්ල් නෞකාව හේතුවෙන් සාගර පරිසරයට සිදු වූ හානියට වන්දි ලබා ගැනීමට අදාළ නඩුව පැවරීම සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත්ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අප්‍රේල් මස පළමු සතිය තුළ පොදු එකඟතාවකට පැමිණීම සඳහා කටයුතු කරන බවත් පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසිය.

මෙම අනතුර සිදුවී වසරකට වැඩි වුවත් තවමත් ආණ්ඩුව විවිධ කමිටු පත්කරමින් කාලය කා දැමීම හැර වෙනත් කිසිවක් කරන බවක් දක්නට නොලැබේ. නඩු පැවරීමට අදාළව ඉහත තීරණය ඉතා ඉක්මණින් ගතයුතුව තිබුණකි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...