එක්ස්ප්‍රස් පර්ල් පරිසර හානියට අදාළ නඩු කටයුතු ගැන තවමත් අවසන් තීරණයක් නැහැ

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් සිදුව ඇති පරිසර හානියට අදාළව ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක වන්දි මුදල ලබාගැනීමේ සිවිල් නඩුව පැවරිය යුත්තේ ශ්‍රී ලංකාවේද, නොඑසේ නම් සිංගප්පූරුවේද යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අදාළ පාර්ශ්ව සමග නැවත රැස්වීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් 2023 මාර්තු 23වැනිදා සිට දින 58ක් ඇතුළත අදාළ නඩු පැවර්ම සිදු කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ගේ සභාපතිත්වයෙන් පැවැති පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් විය.

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස්පර්ල් නෞකාව හේතුවෙන් සාගර පරිසරයට සිදු වූ හානියට වන්දි ලබා ගැනීමට අදාළ නඩුව පැවරීම සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත්ව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අප්‍රේල් මස පළමු සතිය තුළ පොදු එකඟතාවකට පැමිණීම සඳහා කටයුතු කරන බවත් පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසිය.

මෙම අනතුර සිදුවී වසරකට වැඩි වුවත් තවමත් ආණ්ඩුව විවිධ කමිටු පත්කරමින් කාලය කා දැමීම හැර වෙනත් කිසිවක් කරන බවක් දක්නට නොලැබේ. නඩු පැවරීමට අදාළව ඉහත තීරණය ඉතා ඉක්මණින් ගතයුතුව තිබුණකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...