Breaking News

පාසල් සංවර්ධන නිලධාරීන් පිටුපස පොලිසිය දිගින් දිගටම පන්නයි

පොලිස් නිලධාරීන් තිදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් පාසල් සංවර්ධන නිලධාරීන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉකුත් 2 වෙනි දින බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපිටදි සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් සංගමයේ සාමාජිකයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයේදී වැලිකඩ සහ තලංගම පොලිසි වලට අනුයුක්ත ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට සහ මුල්ලේරියාව රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සංවර්ධන නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.

අත්අඩංගුවට ගත් තිදෙනා මැදමහනුවර , බද්දේගෙම සහ මහනුවරපදිංචි වයස අවුරුදු 32ත් 39ත් අතර පසුවන්නන් බවය පැවසේ.

පසුගිය 02 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂනය අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයක් යොදාගනිමින් කැපුම් තුවාල සිදුකර තිබුණි. එම කැපුම් තුවාල සිදුකල පුද්ගලයා උද්ඝෝෂනයේ නිරත සංවර්ධන නිලධාරීන් විසින් පොලිසියට බාර දෙන ලදී. මෙම සිදුවීම සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරීන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙනා තිබුණද එම පුද්ගලයා කැපුම් තුවාල සිදුකල බවට සැක කෙරෙන පුද්ගලයා ඒ අතර නොසිටීම ගැන වෘත්තීය සමිති ප්‍රශ්න කර තිබුණි.

දැන් එම චෝදනා යටතේම තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් සිටියි.

මේ පිළිබඳව අදහස් දැක්වූ කම්කරු අරගල මධ්‍යස්ථානය පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම් පැහැරගැනීම ස්වරූපයෙන් සිදුවන බවයි.

” ඔවුන්ගේ නම් උසාවියට ඉදිරිපත් කරලත් නැහැ. හදිසි කඩා පැනීම් තියෙන්නේ. මේවා අත්අඩංගුවට ගැනීම් නෙමෙයි. පහර ගැනීම්. තලංගම පොලිසියෙන් නුවර ගිහිල්ලා මැරයෙක් වගේ අල්ලාගෙන එන්නේ උඩුදුම්බර ප්‍රදේශයේ ද්වතියික පාසලක ඉගැන්වීම් කරන සංවර්ධන නිලධාරී සහෝදරයෙක්. ඒ වගේම තවත් කීපදෙනෙක් හොයනවා. මේ පොලිසිය මේ ආණ්ඩුව හැසිරෙන්නේ ත පරණ පරේම කියලා තමයි අපිට හිතෙන්නේ. පාසල් අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව විසඳන්න ලාල් කාන්ත සහෝදර යා පොරොන්දු වෙනවා. එතකොට ලාල් කාන්ත සහෝදරයා කියන්නේ මේ ප්‍රශ්නය ප්‍රමුඛ ප්‍රශ්නයක්. කැබිනට් එක පිහිටවපු ගමන් මේ ප්‍රශ්නය විසඳන වා කියලා .”

leave a reply