දැන් පාස්කු කතන්දරය නිමිය.හරීන් සහ මනූෂගේ දේශපාලන ඉරණමද කුජීතය.

ඔවුන් දෙදෙනා පාස්කු ප්‍රහාරය ගැන හඬ නගා කළ ප්‍රකාශ රාජපක්ෂ වරුන් මහත් කම්පනයට පත් කරන්න⁣ට සමත් විය
ඔවුන්ගේ දේශපාලන ඉරණම අන් තැනක රහසේ ලියවෙන්නට ගත්තේ එතැන් සිටය.

ඕනෑම අයෙකුගේ පෞරෂය තුළ හිඩැසක් ති⁣බේ.

රාජපක්ෂවරු ගේම ගහන්නේ එය හඳුනා ගැනීමෙන් පසුවය.එය හරියට නිල සාස්තරයට අනුව ගුටියක් අනිනවා වාගේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳව රට පුරානැගී ආ විරෝධයෙන් ගොඨා සසල වෙද්දී බැසිල් හාමු වැඩේ අතට ගත්තේය.

පාර්ලිමේන්තුව තුල පාස්කු ඛේදවාචකය ගැන මර ලතෝනි දුන් ඔවුන් දෙදෙනා……ඔව්….ඒ හරීන් හා මනූෂය…
ඒ දෙදෙනාගේ පෞරෂ හිඩැසට රිංගන්නට බැසිල් හාමුට හැකිවිය.මෙරට දේශපාලනයේ බොහෝ කරණම් සිද්ධවෙන්නේ මේ පෞරෂ හිඩැස අස්සේය.

එය සරලව කියනවා නම් අත් අඩංගුවට පත් වී කූඩුවේ සිටින කුඩ්ඩෙකුට සංතෝෂම් කුඩු පැකට් එකක් දී තව කුඩ්ඩන් ගනනාවක් බිලි බා ගන්නට හැකි බව පොලීසිය දනී…

දැන් අර පාස්කු කතන්දරය නිමිය.හරීන් සහ මනූෂගේ දේශපාලන ඉරණමද කුජීතය.

කොහේ හෝ පොතක ලියවී තිබුණ මේ හරුපය මගේ මතකයට ඒ….

“..වැද්දාත් බල්ලාත් දඩයම සදහා හාවා පසුපස පන්නද්දී බල්ලා සිතන්නේ වැද්දාත් තමාත් එක සමාන බවය…..එහෙත් හාවා ඩැහැගන්නා බල්ලාගෙන් වැද්දා එය තමා සන්තකයට ගත් විට තමා ගෙන ආවේ දඩයමට බව බල්ලා තේරුම් ගනී.”

බල්ලා එය තේරුම් ගත්තද හරීන් හා මනූෂ

තමන්ට සිදුවූ දෙය තේරුම් ගන්නට තව ටික කාලයක් ගනු ඇත……

එහෙත් බල්ලා නොදන්නා දෙයක්ද තිබේ…ඒ මෙහිදී දඩයම් දෙකක් සිදුවුන බවය…..

Lokuliyana Keerthi

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...