Breaking News

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ ඇප මුදල රුපියල් ලක්ෂ විසි හතරයි .

මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීම පිළිබඳව විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් බාර දෙනු ලැබීය. මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සම්බන්ධ වී සිටියා .

මැතිවරණ කොමිෂන් සභාවට ලිපිය භාරදී පැමිණි දුමින්ද නාගමුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් කියා සිටියේ ඇප මුදල් වැඩි කිරීම හරහා පොදු ජනතාව මත පදනම් වෙලා දේශපාලනය කරන සියලු ව්‍යාපාරවලට මෙය විශාල ගැටලුවක් වන බවයි. අසාධාරණා ඇප මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් මේ වන විට විරෝධය පළ කර නැති බවත් එහි තේරුම වන්නේ  එම පක්ෂවලට මේ ඇප මුදල් තැන්පත් කිරීම ගැටළුවක් නොවීමත් , මැතිවරණ සමය එළැඹෙන විට සමහර පක්ෂ වලට තානාපති කාර්යාල හරහා මුදල් පොම්ප කිරීම මගින් ගැටලු විසඳන බවයි . මේ ක්‍රියාවලිය හරහාද ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ තිවරණවලට ඉදිරිපත් වීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමකි .

leave a reply