උදයංග වීරතුංගගෙන් දේශපාලන අනාවැකි

ජුනි මස 14 හෝ 15 යන දිනයන්වලින් එකක පාර්ලිමේන්තුව විසුරුවනු ලබන බව රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන හිටපු රුසියානු තානාපති සහ වංචාවන් රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු වන උදයංග වීරතුංග පවසයි.

වත්මන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂයකු ලෙස ඉදිරිපත් නොවන බව ඔහු කියා සිටියේය ‘හිරු’ නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“ජනාධිපතිවරයා සමග එකඟතාවයකට පැමිණ අවසන් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වනවාමයි.” යනුවෙන් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බව සඳහන් කළ උදයංග වීරතුංග, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව දන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද පවසා ඇත.

කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අගමැති අපේක්ෂයක ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ද උදයංග වීරතුංග පවසා ඇත.

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවන බවට තීරණය කරන අවසන් බව උදයංග වීරතුංග වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...