Breaking News

උදයංග වීරතුංගගෙන් දේශපාලන අනාවැකි

ජුනි මස 14 හෝ 15 යන දිනයන්වලින් එකක පාර්ලිමේන්තුව විසුරුවනු ලබන බව රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන හිටපු රුසියානු තානාපති සහ වංචාවන් රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු වන උදයංග වීරතුංග පවසයි.

වත්මන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂයකු ලෙස ඉදිරිපත් නොවන බව ඔහු කියා සිටියේය ‘හිරු’ නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“ජනාධිපතිවරයා සමග එකඟතාවයකට පැමිණ අවසන් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වනවාමයි.” යනුවෙන් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ අවසන් බව සඳහන් කළ උදයංග වීරතුංග, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට ඇති කරගෙන ඇති එකඟතාව දන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක් අයකු පමණක් බවද පවසා ඇත.

කුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අගමැති අපේක්ෂයක ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ද උදයංග වීරතුංග පවසා ඇත.

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවන බවට තීරණය කරන අවසන් බව උදයංග වීරතුංග වැඩිදුරටත් සඳහන් කර ඇත.

leave a reply