2020 ජනවාරි අවසානයට ආසන්න කාලය වන විට කොරෝනා වෛරසය බොහෝ රටවල් පසුකරගෙන ඉතාලිය ආක්‍රමණය කරනවා. චීනයේ වුහාන් වලින් පසුව රෝගය සීග්‍රයෙන් පැතිර යන සහ ඉවසා දරාගැනීමට බැරි තරමට මරණ සිදුවන රට බවට ඉතාලිය පත්වෙනවා. අපට සජීවීව සංගතයක මර බිය දනවන්න කොරෝනා වසංගතය ඉවහල් වුණා. ඉතාලිය lockdown කරනවා , නිවසෙන් එළියට බැසීම මරණය වැළඳ ගැනීමක් හා සමාන ලෙස සිතන්න කියා වෛද්‍යවරු ජනතාවට පැවසුවා.
දිනපතා කොරෝනා රෝගීන් වැඩි වන විට දැඩි සත්කාර ඒකක පිරී ඉතිරී යනවා. වෛද්‍ය ශාස්ත්‍රයේ වැඩ කරන වෛද්‍යවරු ඇතුළු සියලු සේවකයින් ඉතා ඉක්මනින් මේ රෝගයට ගොදුරු වෙනවා. එය දරුණු තත්වයක් බවට පත් වෙනවා. කෙසේ වෙතත් ක්‍රමානුකූලව මැයි මාසය පමණ වන විට මේ අවාසනාවන්ත තත්ත්වය ලිහිල් වෙමින් ඉතාලිය නැවතත් මරණ අඩු කර ගනිමින් රෝගීන් අවම මට්ටමක පත්කරමින් වසංගත පීඩාවෙන් මිදී යම් අස්වැසිල්ලක් ලබා ගෙන මාස කීපයක් සාමාන්‍ය ජන ජීවිතය තුළට ජනතාව ඇතුල් කරගන්න සමත් වෙනවා. පසුගිය අගෝස්තු මාසය අවසාන වනවිට කොරෝනා දෙවන රැල්ල නැවතත් ඉතාලි ආක්‍රමණය කරනවා.
මේ උත්සව සමයේ රට lockdown කරමින් සංචරණය සිමා කිරීමට ආණ්ඩුව නීති පනවන අතර රෝගීන්ගේ ජිවිත බේරාගැනීමට වෛද්‍යවරුන් විශාල වෙහෙසක් දරමින් සිටිනවා. ඉතින් අද විවර සතියෙ සාකච්ඡාව අපි වෙනස් තැනකට අරගෙන යන්න කල්පනා කළා . මේ කොරෝනා වසංගතය සමඟ පොර බදීමින් සක්‍රීය දායකත්වය දෙමින් වැඩ කරන ඉතාලියේ Torino හී ospidale casa di Salute සේවය කරන මනේ චිකිත්සක විශේෂඥ Irene Giacometti සමග වර්තමාන ඉතාලියේ තත්ත්වය සහ කොරෝනා වසංගත කාලයේ ලැබූ අද්දැකීම් පිළිබඳව කතාබහට .
වෛද්‍යවරියක් ලෙස මේ අත්දැකීම කොහොමද දරාගෙන ඉන්නේ කියන මූලික අදහසින් අපි මේ සාකච්ඡාව ආරම්භ කරමු
ඇත්තටම අපිට ඒ මොහොතට මුහුණ දීමට කිසිදු අත්දැකීමක් තිබුනේ නැහැ. අපි විශ්වාස කරනවා COVID-19 දෙසැම්බර් ආසන්නයේ සිට තිබෙන්නට ඇති කියලා. ඒක අපිට හඳුනගන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. මම එහෙම කියන්නේ අපි නොදන්න හේතු නිසා ඔය කාලෙ සිද්ද වෙච්ච මරණ හේතුවෙන් . ඒ වගේම පසුව COVID-19 රෝගය හඳුනා ගත්තත් අපිට කිසිම අදහසක් තිබුණෙ නැහැ තත්වය පාලනය කරන්න මොනවද කළ යුත්තේ කියලා. අපි කළ යුතු දේ ගැන guide line එකක් වත් තිබුනේ නැහැ. චීනයේ වුහාන් වලින් පසු වසංගතයට මුහුණ දෙන්නෙ අපි. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වෙලා තමයි guide line එකක්වත් හදලා දෙන්නේ. ඇත්තටම ඒ අවස්ථාව ඉතාම අසීරු අවස්ථාවක්. මේක අපි ජීවිතයේදී මුහුණ දුන්නු සුවිශේෂී අවස්ථාවක්. විශේෂයෙන්ම රාජකාරිය කරන අවස්ථාවේදී වෛද්‍යවරුන් හෙද හෙදියන් මේ වෛරසයේ ගොදුරු බවට පත්වෙනවා. අපිට හිතාගන්න බැරි විදිහට මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. පළමු අවස්ථාවේ දී COVID-19 අපිට මානසික ප්‍රහාරයකුත් එල්ල කරනවා. පළමු අවස්ථාව දරා ගැනීමට අපහසු පීඩාකාරී අවස්ථාවක් හැටියට තමයි මට හඳුන්වන්න පුළුවන්.
මේ ගෙවුණු කාලය තුළ ලද සුවිශේෂී අත්දැකීම් මොනවද?
මගේ වෘත්තීය ඉතිහාසය තුළ මේක අත්දැකීමක් ලෙස ප්‍රකාශ කරනවද? නැද්ද? කියන එක පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. නමුත් මේ වසංගතය නිසා ජීවිතේ එතෙක් නොදැකපු විදිහට මිනිස්සු මැරෙන හැටි දැක්කා. අපි ජීවත් වුණේ මානසික පීඩාවකින්. රෝහලේ දී මිනිස්සු මැරෙන හැටි දැක්කා,ඒක අසාමාන්‍ය සිද්ධයක් . අපි සේවය අවසන් කරලා ගෙදර එද්දී COVID-19 ගෙදර අරගෙන ආවා ද නැද්ද කියන එක පිළිබඳව බය තිබුණා. මගේ වරදකින් ස්වාමිපුරුෂයාට දරුවාට මේ රෝගය බෝ වෙයි ද? මහලු දෙමව්පියෝ ඉන්නවා ඔවුන්ට මේක බෝ වෙයි ද? මේ විදිහට විශාල පීඩනයක හිර වෙලා තමයි කාලය ගත කළේ. පවුල ගැන හිතලා රැකියාව අත් හරින්නත් බෑ, ඒක හරි වේදනාකාරී අත්දැකීමක්. අපි බොහෝ ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරමින් වැඩ කළත් එහෙම හිටපු අයටත් කොරෝනා ආසාදනය වෙනවා.අපි පරිහරණය කරන හැම දේම දිනපතා විනාශ කරනවා ,එත් රෝගය නොහිතන විදිහට පැතිරෙනවා . ඇත්තටම අපි කළේ අවි ආයුධ නැති යුද්ධයක්. මරණය කොතනින් අපි වෙත ළඟා වෙයිද කියලා අපිට හිතා ගන්න බැරුව හිටියේ. දෙවන අවස්ථාව වන විට අපට අත්දැකීම් තියෙනවා, යම් ශක්තියක් තියෙනවා. ඒත් මරණ අඩු කරගන්න අපි තවමත් අසමත්.
මුල් අවස්ථාවේදී කොරෝනා වසංගතය ඉතාලිය තුළ පැතිර යද්දී වෛද්‍යවරු හෙද හෙදියන් විශාල වශයෙන් මේ වසංගතයට ගොදුරු වෙනවා. ඊට බලපැවෙ කෝරෝනා වසංගතයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අත්දැකීම් අඩුකමද? එහෙම නැත්නම් වෛද්‍යය ශාස්ත්‍රය තිබුණු අඩුපාඩුකම්ද?
අත්දැකීම් නැතිකම ප්‍රධාන වශයෙන් ම බලපෑවා. චීනයෙන් ආරම්භ වුණත් ඒ සඳහා කරන ප්‍රතිකාරයක් පිළිබඳව අපි කාටත් අදහසක් තිබ්බෙ නෑ. ඉතිහාසය තුළ වසංගත රෝග වලට මුහුණ දීලා තිබුනත් මං හිතන්නෙ මේ වගේ අවස්ථාවක් නැවත හමුවේවි කියලා ඊට සූදානම් වීමක් හෝ එවන් අවස්ථාවක් උදා වුණොත් ඒකට මුහුණ දෙන්න අවශ්‍ය කරන තැනක නෙමෙයි අපි හිටියෙ. පළමු අවස්ථාවේදී මේක මැඩපවත්වා ගැනීමට බැරි වෙන්නට මේ හේතු බලපෑවා.
ඇත්තටම COVID-19 මිනිස් ශරීරය බිලි ගන්න වසංගතයක් වුණත් ඒක සමස්ත ක්‍රියාවලියම එකට බැඳ ගත්තා . උදාහරණයක් විදිහට කියනවා නම් ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. මිනිස්සු නිවාස් ඇතුලට හිර වුණා. ප්‍රවාහන පහසුකම් සපයන්න බිඳ වැටුනා . මේ රෝගය ඉතා ඉක්මනින් කෙනෙකුගෙන් කෙනෙක්ට පැතිරීමට තිබුණු හැකියාව නිසා රෝගය කේන්ද්‍රකරගත් දැලක් නිර්මාණය වුණා. ඒක හරියට මකුළු දැල වගේයි , අපි පැටලුනා එකේ. වෛද්‍ය විද්‍යාව කොපමණ දියුණු වෙලා තිබුණත් එක පාරටම ආපු COVID-19 ඉදිරියේ ඒ දැනුම පවා මං හිතනවා පැටළිලි සහගත ස්වභාවයකට ඇද වැටුනා කියලා.
මූලික රෝග ලක්ෂණ හඳුනා ගැනීමෙන් පසුව ලබා දෙන ප්‍රථම ප්‍රතිකාර පිළිබඳව යම් අදහසක් කියන්න පුළුවන්ද?
කොරෝනා රෝගීන් සඳහා දෙන්න විශේෂ බෙහෙතක් තිබුණේ නැහැ. අපි පාවිච්චි කළේ එතෙක් අපි වෙනත් රෝග වලට පාවිච්චි කරන ලද බෙහෙත් වර්ග . විශේෂයෙන්ම Heparin Sodium ලේකැට ගැසීම වලක්වන බෙහෙතක්, zitromax බැක්ටීරියා මර්ධන ඖෂධයක්, cortisone වේදනා නාශක වැනි දේවල්. අසාධ්‍ය මට්ටමේ සිටි රෝගීන් සඳහා ඔක්සිජන් ලබා දීම සිද්ධ කළා. ඇත්තටම කියනවා නම් මුල් අවස්ථාවේ අපි ඔක්සිජන් හිඟයකටත් මුහුණ දෙනවා.
හැමතැනම මේ ඖෂධ නෙමෙයි පාවිච්චි කළේ වෙනත් වෙනත් ඖෂධ පාවිච්චි කරන්න ඇති. ඒ පිළිබඳව ඇත්තටම මට කියන්න පුළුවන් කමක් නැහැ. මේ හැම එකක්ම අපි කළේ අත්හදාබැලීම් ලෙස. එනිසා වෙන තැන් වල වෙන දේවල් පාවිච්චි කරලා තියෙන්න පුළුවන්.
අපි ආරක්ෂා වීම සඳහා මාස්ක් පැළදීම, දුරස්ථභාවය රැකගැනීම, පිරිසිදුව ඉදීම වගේ ක්‍රියාමාර්ග ගන්නවා , නමුත් මේ වෛරසය පැතිරෙන ආකාරය දෙස බලපුවාම අපිට හිතෙන්නේ ඒවා එතරම්ම සාර්ථක ක්‍රියාමාර්ග නෙවෙයි කියලා. මේ පිළිබඳව යම් අදහසක් තියෙනවද?
රෝගය බෝවීම වළක්වා ගැනීම සඳහා කළ යුතු හොඳම දේ තමයි දුරස්ථභාවය තියාගෙන හැම විටම කටයුතු කරන එක. දැන් භාවිතා කරන සර්ජිකල් මාක්ස් එකක් දාගෙන සිටීමෙන් රෝග බෝ වීමෙන් අපි වැළකෙනවා කියන එක නිවැරදි නැහැ. මොකද අපි මේ පළඳින සාමාන්‍ය මාක්ස් එකෙන් වෛරසය ඇතුල් වෙන්න තියෙන අවස්ථා ගාන වැඩියි. සබන් භාවිතාකර අතපය හෝදන එක සහ දැනට අපි අනුගමනය කරන ආරක්ෂක වැඩපිළිවෙළ හොඳයි හැබැයි ඒකෙන් සීයට සීයක්ම අපි ආරක්ෂා සහිතයි කියලා හිතන්න හොඳ නැහැ.
මේ වෛරසයේ තියෙන්නෙ පැහැදිලි කරන්න බැරි ක්‍රියාවලියක් උදාහරණයක් විදියට කියනවා නම් රෝහල්වල වැඩ කරන අපි වෛද්‍යවරු ඉතාමත් ආරක්ෂාකාරීව මුළු ශරීරයම වැසෙන විදිහට තමයි ඉන්නේ. ඒත් ඔවුන්ට මේ රෝගය වැළඳෙනවා. ඒ තරම් ආරක්ෂාකාරීව හිටපු අපේ වෛද්‍යවරු හෙද හෙදියෝ මිය ගිහින් තියෙනවා.
මූලික රෝග ලක්ෂණ සහිතව නිවෙස්වල නිරෝධායනය වෙන අය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව යම් අදහසක් ලබා දෙනවා නම්
මූලික රෝග ලක්ෂණ තියෙන කෙනෙක් නෙවෙයි එවන් කෙනෙක් සමඟ සිටි කෙනෙක්වත් නිවසෙන් පිට යෑම නොකළ යුතුයි. ඇත්තටම මෙතැනදි කරන්න ඕනේ රෝග ලක්ෂණ මතු වෙච්ච පුද්ගලයාව තනි කිරීම. කෙනෙක්ව නිවස තුළ නිරෝධායනය කිරීම කියන කාරණයේදී ඇත්තටම ඒක සාර්ථක නැහැ. මොකද ගෙදර ඉන්න අනිත් අයටත් බෝ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. රෝගියාව තනියම හුදකලා කරලා තියන්න ඕනේ. එහෙත් පවතින තත්වෙ එක්ක එහෙම කරන්න බැහැ. හුඟක් රෝගීන් ඉන්නේ නිවෙස් වල අනිත් අයත් එක්ක. කොරෝනා රෝගියෙක් පාවිච්චි කරපු වැසිකිළියක මේ වෛරසය පවතිනවා . ඔවුන් පරිහරණය කරන හැම දෙයක්ම නිසා ගෙදර ඉන්න අයට හැදෙන්න තියන ඉඩකඩ වැඩියි.
මේ තත්ත්වය හඳුනාගෙන රජය යම් ක්‍රියා මාර්ගයක් පිළිබඳව සාකච්ඡා කළා, රජයේ වියදමින් නිරෝධායන හොටෙල් හදන්න. COVID-19 රෝගීන්ව තනි කාමර වල කියන්න. නමුත් එක සාකච්ඡා මට්ටමේ වතිනවා මිසක් තාම ක්‍රියාත්මක තලයට අරගෙන එන්න කටයුතු කරලා නැහැ. කොරෝනා වෛරස රෝගය තව කෙනෙක්ට පැතිරීම වළක්වා ලන්නට නම් ඇත්තටම හැදිච්ච කෙනෙක්ව තනි කරලා ඔහුගේ සියලුම දේවල් පෞද්ගලිකව පරිහරණය කරන තැනට හදන්න ඕනේ. උදාහරණයක් විදියට කියනවා නම් ඔහු පාවිච්චි කර ඉවත ලන සියලුම දේවල් වෙනම අරං ගිහින් විනාශ කරන්න ඕනේ. මේ ආරක්ෂාකාරී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ඉතාම දුෂ්කරයි. විශේෂයෙන්ම තට්ටු නිවාස වල ජීවත් වෙන අය ඒක කොහොමද කරන්නේ. බොහෝ නිවෙස් වලට තියෙන්නෙ එක බාත් රූම් එකයි. ඒක තමයි හැමෝම පාවිච්චි කරන්නේ. ඇත්තටම මේක කියන තරම් පහසු නෑ.
පළමු COVID-19 රැල්ල යම් ප්‍රමාණයකට අපි මැඩ පැවැත්වීමෙන් පසුව ගෙවිච්ච කාලය තුළ ආණ්ඩුව යම් කතාබහකට ඇවිත් තිබුණා දෙවැනි රැල්ළට මුහුණ දෙන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. නමුත් ඒවා කතා වලට පමණක් සීමා වුණා. ඒවා ක්‍රියාත්මක තලයට ආවේ නැහැ. ඒ නිසා තමයි දැන් මේ අපි දෙවෙනි රැල්ළේ මේ තරම් විශාල මරණ දකිමින් ඉන්නේ.
නව එන්නත් කීපයක් පිළිබඳව දැන් අපිට බලාපොරොත්තු තියා ගැනීමට හැකි තත්ත්වයක් තිබෙනවා. ඇත්තටම අපි දන්නවා ලෝකයේ ඖෂධ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා කියලා . එවන් වටපිටාවක් යටතේ කොරෝනා වෛරසයට එරෙහි නව එන්නතක් සෑම මිනිහෙකුට ම ලබා ගැනීමට තියෙන අයිතිය සුරක්ෂිත වෙයි කියලා හිතනවද ?
රජයේ බලාපොරොත්තුව හැටියට අපට ප්‍රකාශ කරලා තියෙන්නේ 2021 වර්ෂයේ ජනවාරි මැද භාගයේ සිට දැනට ලෝකය පාවිච්චි කරන කොරෝනා මර්ධන එන්නත ලබාදීමේ ක්‍රියාවළිය ඉතාලිය තුළ ආරම්භ කරන්නයි. එන්නත ලබාදීමේ මාර්ගඋපදේශය වශයෙන් දැනට යෝජනා වී තිබෙන්නේ මුලින්ම සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නියැළී සිටින අයට එන්නත ලබා දීමටත්,ඉන් අනතුරුව ප්‍රතිකාර ලබන අසාධ්‍ය මට්ටමේ සිටින පිරිසට එන්නත් ලබා දීමයි . රටේ අනිකුත් ජනතාවට දෙවන තුන්වන පියවර හැටියට හැකි ඉක්මනින් එන්නත ලබාදීමේ වැඩපිළිවෙළක් ගැන තමයි අපි දැනුවත්ව ඉන්නේ. අපි එන්නත ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේ විදියට සැළසුම් හැදුවත් ඇත්තටම දැන් අපි සූදානම් වෙමින් සිටින්නේ තුන්වන කොරෝනා වසංගත රැල්ළට. එය කිනම් මුහුණුවරක් ගනී ද කියලා අපට නිශ්චිතව කියන්න බැහැ. හැබැයි අනිවාර්යෙන්ම ඉන්දියාව ඉතාලිය බොහෝ දුරට යුරෝපයේ අනිකුත් රටවල් මේ තුන්වන රැල්ළට හසු වෙන්න නියමිතයි.
යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව දැන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කරමින් ඉන්නවා එන්නත ලබා ගැනීමට දුෂ්කරතා ඇති ලෝකයේ අනිකුත් රටවල් වලට යම් පමණකට එන්නත් නොමිලේ ලබාදීමට. මේක එන්නත් සහනාධාර වැඩපිළිවෙළක්. දුගී දුප්පත් රටවල් වලට අඩු ආදායම්ලාභී රටවල් වල ජනතාවට එන්නත නොමිලේ ලබා දෙන්න ඔවුන්ගේ සාකච්ඡාවක් පවතිනවා. දැනට මේ සාකච්ඡාව යුරෝපා පාර්ලිමේන්තුවෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළෙත් සිද්ධ වෙන එකක්.
කොරෝනා වසංගතය ලෝකෙන් තුරන් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වල එකක් හැටියට තමයි ඒ ක්‍රියාත්මක කරන්න සූදානමක් පවතිනවා කියන්නේ. නමුත් මේවා කොතෙක් දුරට ඒ ඒ රාජ්‍යයන් ඇතුළෙ සාධාරණ ලෙස මිනිසුන් අතර බෙදී යාවි ද කියන එක පිළිබඳව අදහසක් නෑ. මොකද යම් රටකට ආධාරයක් ලෙස ලැබෙන දේ එරට ඇතුලේ වැඩ පිළිවෙලක් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම කරන්නේ රජය විසින් රජයේ විශ්වාසවන්තභාවය පිළිබඳව පිට ඉන්න කාටවත් තහවුරු කරගන්න පුළුවන් කමක් නැහැ.
කෙසේවෙතත් අපි විශ්වාස කරනවා corona වසංගතයෙන් 2021 අවසාන වන විට අපට ගැලවෙන්න අවස්ථාව උදාවෙයි කියලා.