හිශාලිනී දැරිය මියයාම ගැන නඩුවෙන් බදුර්දීන් නිදහස්

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක මීට වසර 3කට පෙර පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන්ගේ බිරිය, මාමණ්ඩිය හා දැරිය මෙහෙකාර සේවයට යෙදවූ පුද්ගලයාට එරෙහිව නඩු පවරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළා.

මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන දැරිය මෙහෙකාර සේවය සඳහා ලබා දුන් බව කියන පොන්නයියා පණ්ඩාරම්, දෙවන විත්තිකරු වන රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩිය බව කියන අලි ඉබ්‍රාහිම් කිදර් මොහොමඩ්, හා තෙවැනි සැකකාරිය වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන කිදර් මොහොමඩ් ශිහාබ්දීන් අයීෂා යන තිදෙනාට එරෙහිව එසේ නඩු පවරන ලෙස අධිකරණයෙන් නියම වුණා.

කෲරත්වයට පත් කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළෙඳාම ඇතුළු චෝදනා කීපයක් යටතේ කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙම තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

මෙම සිද්ධියේ සිව්වන සැකකරු වන රිෂාඩ් බදියුදීන් හා පස්වන සැකකරු වන බදියුදීන් අබ්දුල් රිෂාඩ් යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි හිෂාලිනී ජූඩ් කුමාර් නමැති බාල වයස්කාර දැරියක සිරුරට ගිනි ඇවිළීමෙන් එසේ මියගොස් ඇති බවද අධිකරණයෙන් හෙළිව තිබුණා.

ඉහත සඳහන් පළමු වන සැකකරු වන පොන්නයියා පණ්ඩාරම් නමැත්තා එම දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි රිෂාඩ් බදියුදීන්ගේ නිවසට භාරදී ඇති බවත් ඒ වන විට එම දැරිය 15 හැවිරිදි වියේ පසුව ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදුකළ බොරැල්ල පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණා.

වසර කීපයක් එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඇයගේ සිරුරට 2021 ජූලි මස 3 වැනිදා ගිනි ඇවිළී ඇති බවත් පසුව ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 15 දා මියගොස් ඇති බවත් පොලිසිය අධිකරණයට දැක්වූ වාර්තාවේ සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය මූලික විමර්ශන සිදු කළ අතර පසුව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය හා කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය එම විමර්ශන ඔවුන් භාරයට ගෙන තිබුණා.

ඒ අනුව විමර්ශන අංශ මෙම සිද්ධියට අදාළව 20 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර එම විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් ඉහත සඳහන් විත්තිකරුවන් තිදෙනා ඇතුළු පස් දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...