Breaking News

මැතිවරණය අරගලයේ මූලික සටන්පාඨය වුණොත් ක්‍රම විරෝධී අභිලාශය වෙනස් වෙනවා – දුමින්ද නාගමුව

මැතිවරණයක් අවශ්‍ය නමුත් එය ජන අරගලයේ එකම සහ මූලික සටන් පාඨය වුවහොත් අරගලයේ තිබූ ක්‍රම විරෝධී අභිලාශය වෙනස් වෙන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ ගෝල්ෆේස් අරගලකරුවන් විසින් සංවිධානය කර තිබූ මර්දනයට එරෙහි ජන පෙළගැස්ම සාකච්ඡා සභාවේදී අදහස දක්වමිනි.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

“උපායමාර්ගික ප්‍රශ්නය ගැටගැහිලා තියෙනවා ගෝල්ෆේස් අරගලකරුවන් ඉදිරිපත් කළ වැඩපිළිවෙලයි දැන් ඉදිරිපත්වෙන මැතිවරණයක් සම්බන්ධ උනන්දුවයි. මේ අරගලයේදී ගෝඨා ගෝ හෝම් කියද්දී අපෙන් ඇහුවා ගෝඨා එලෙව්වම මොකද වෙන්නෙ කියලා. නමුත් අරගලය තුළ යම්කිසි ආකාරයක මාස කිහිපයක් ගිහිල්ලා හරි ඉදිරිපත් කරා කෙටි කාලීන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල අංග සම්පූර්ණ නැතත් යම්කිසි ආකාරයකට මේ අර්බුදයෙන් පියමන් කිරීම සඳහා දිශානතියක් පෙන්නුවා. එතකොට ගෝඨා ගෝ හෝම් වගේ තනි සටන් පාඨයක් හරහා අපිව ප්‍රශ්න කිරීම වෙනස් කරගත්තා ඒ වැඩපිළිවෙල හරහා. මේ පාර්ලිමේන්තුව පැවතිය යුතු නැහැ. මේක විසිරුවා හරිය යුතුයි. හැබැයි මේ අරගලය ආවේ ක්‍රම විරෝධී අරගලයක් විදිහට. නමුත් මුළු ක්‍රියාවලිය මැතිවරණයක් කියන තැනට කැරකෙව්වොත් එහෙම මැතිවරණයකින් පස්සේ මේ විධායක ජනාධිපති ඒ විදිහටම ඉන්නවා. මැතිවරණයකින් පස්සේ එන ආණ්ඩුවක සංයුතිය ගැන අපිට කියන්න පුලුවන්ද? ඒ පාරෙන් ගියාට පස්සෙ තුනෙන් දෙකක් ඕනා ජනාධිපතිව එළවන්න. මැතිවරණයකින් හැදෙනවා ස්ථාවරත්වයක්. ජනතාව තුළත් හැදෙනවා අලුතෙන් පත්වුණු ආණ්ඩුවක් නිසා ආණ්ඩුව කරගෙන යන්න දෙන්න ඕනා කියලා. ඒ නිසා අද ඉන්න තැන ගැන විතරක් හිතලා නෙමෙයි දේශපාලනයේදී අපි හිතන දිනයටත් ගිහිල්ලා පින්තූර මවාගන්න ඕනා. එක දේශපාලනයේ අත්‍යවශ්‍ය කොන්දේසියක්. මැතිවරණයක් කියන එක මේ වැඩපිළිවෙලේ කොටසක් විය යුතුයි. හැබැයි මැතිවරණය මේ වැඩපිළිවෙලේ එකම සහ මූලික සටන් පාඨය කරලා මේ අරගලය හැරෙව්වොත් අරගලය තුළ තිබූ ක්‍රම විරෝධී අභිලාශය වෙනස් වෙනවා.”

 

leave a reply