වතු කම්කරුවන්ට තවමත් 1700 දිනක වැටුප නැහැ – විශාලතම තේ අපනයනකරු ලංකාවේ තේ සමාගමක්

ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ගිවිසුමකට එළඹ තිබේ.

මෙම ගිවිසුමට අනුව LIPTON Teas and Infusions සතු කෙන්යාවේ, රුවන්ඩාවේ සහ ටැන්සානියාවේ තිබෙන තේ වතු, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත පැවරෙනු ඇත.

ඒ අනුව අදාළ තේ වතුවල අස්වැන්න LIPTON Teas and Infusions වෙත සැපයීම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් සිදුකිරීමට නියමිතය.

මෙම දිගුකාලීන හවුල්කාරීත්වයට අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් වාර්ෂිකව තේ කිලෝග්‍රෑම් මිලියන 87 ක් පමණ ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions වෙත සපයනු ඇත. ඒ අනුව ලොව විශාලතම තේ අපනයනකරුවා බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පත්වන බව වාර්තා වේ.

මෙය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් සිදුකළ දෙවන විදෙස් ව්‍යාපාර අතපත් කර ගැනීම වන අතර මීට පෙර පසුගිය වසරේ දී James Finlay (Kenya) සමාගම ද සිය ව්‍යාපාර ගොනුව යටතට ගැනීමට ද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමත්විය.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ විශාලතම තේ නිෂ්පාදන සමාගම්වලින් එකක් වන අතර මතුරට ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ්, උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සහ හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හරහා එය වතු 49 ක් කළමනාකරණය කරනු ලබයි.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමූහ ව්‍යාපාරයේ සභාපති වන්නේ ඉෂාර නානායක්කාරයි. ඉෂාර නානායක්කාරගේ ප්‍රධානම ව්‍යාපාරය වන්නේ LOLC මූල්‍ය ව්‍යාපාරයයි.

මේදිනවල කතා බහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ වතු කම්කරු වැටුප් වැඩිකිරීමට එරෙහිව වතු සමාගම් දක්වන අකමැත්තයි. රු 1700න් වැටුප් වැඩිකිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව වතු සමාගම් කියයි.

වතු සමාගම් එලෙස කියන්නේ මේ ආකාරයට තමන්ගේ ව්‍යාපාර පුළුල් කරමින් සිටියදී වීම විශේෂත්වයකි. ඊට අමතරව ගිණි පොළියකට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සම්බන්ධයෙන් LOLC සමාගමට චෝදනා එල්ල වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...