ඔබ පතන හයිකුව – මදුරංගගේ අලුත්ම කවිය

මදුරංගගේ අලුත්ම කවි පොත “මේ ගසට ගල් ගසන්න” දැන් ටික දවසක් වෙනව “විදර්ශන ප්‍රකාශනයක්” ලෙස එළියට ඇවිල්ලා. මැයි මාසයේ 21 වනදා සවස් යාමයේ විදර්ශන ප්‍රකාශන ආයතනයට දන්න හඳුනන අය එකතු වෙනවා මේ පොත ගැන කතා කරන්න.

වසර පහකට ආසන්න කාලයක් තුළ මදුරංග කවි පොත් තුනක් එළි දක්වනවා 2018.” කොළඹට කියන්නේ බොරැල්ලට” 2023 ” බුදු වෙන්න වත් අතහරින්නෑ ” 2024 “මේ ගසට ගල් ගසන්න ” ඉතින් එහෙම බලපුවහම මදුරංග වේගවත්ව කවි ලියලා තියෙනවා. නමුත් මේ වේගවත්භාවය ඇතුලේ විකුණන ඉලක්ක මත පදනම් කවියක් වෙනුවෙන් ඔහු වෙහෙසී නැති බවත් ඔහුගේ කවිය අලුත් ආකෘතියකට යොමු කරන්න වග වී ඇති බව පේනවා.

ඒ වගේම ඔහු සංවර්ධනය කරගනිමින් පැමිණෙන්නේ සමාජයට වගකියන කවියක් බව “මේ ගසට ගල් ගසන්න” කියවා අවසන් කරන විට වැටහෙන සත්‍යයි. පාට පාට සිහින වෙනුවට මදුරංග තමන්ගේ කවිය තුළින් සමාජ ඇස කෙවීමට ලක් කරන්නේ දුඹුරු දූවිල්ලෙන්, කටුක සිත් තැවුලෙන් පිරුණු මිනිස් සමාජය සහ ඔවුන් වෙසෙන අවට පරිසරය දෙස බලන්නට.

ඉතින් මේ කවිය කියවා බලන්න.

ඔබ පතන හයිකුව

ජීවත් වෙන්නේ අප
අඩුම තරමේ
සෘතු භේදය පවා
නැති රටක.

ඉර
මදාවියකු සේ
එක දිගට
ප්‍රචණ්ඩව සිනාසෙන
බිමක

කලින් කල
වෙනස් ලෙස පැමිණෙන
ලෙඩරෝග නොවේ නම්
නොදන්නෙමු අපි
ගතවෙනා බව
කාලය

වසන්තය සේ එන්නේ
බඩඑළිය
සරත් සමය
දද කුෂ්ඨ
සිසිරයට හැම තැනම
වෙවිලීම
ගිම්හානය කියන්නේ
මරණය

වසරසිය ගණනක් තිස්සේ
කාලය නම් කරන්නේ අප
එහෙම

බඩ එළිය කාලය
දද කුෂ්ඨ කාලය
වෙව්ලනා කාලය
මරණීය කාලය

ඒකයි
වස්තුවේ
ලියන්නට මට බැරි
ඔබ පතන
හයිකුව

“කොළඹට කියන්නේ බොරැල්ලට” කියලා තමයි ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කිවුවේ

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...