Breaking News

ජනාධිපතිවරණයේදී සහාය ලබා දෙන්නේ නම් ජනාධිපතිවරණයට කලින් පාර්ලි‌‌මේන්තුව විසුරුවන්න රනිල් සූදානම්.

ජනාධිපතිවරණය පැවැත්වීමේ විධිවිධාන නීතියෙන් තහවුරුකර තියන පසුබිමක් යටතේ වුවද ජනාධිපතිවරණයක්ද මහ මැතිවරණයක් ද කියන ප්‍රශ්නය සමාජගත කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උවමනාව මතයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ හැකි යැයි විශ්වාසය තැබිය හැකි ජනාධිපති අපේක්ෂකයෙකු නොමැති වීම රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයක් කරා තල්ලු කිරීමට බලපාන ප්‍රධානම සාධකය වේ.

තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියා තවමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රකාශයට පත්කර නැති වුණත් දේශපාලන සාකච්ඡා වලදී එකඟතාවලට පැමිණ තිබෙන්නේ නාමල් රාජපක්ෂව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමටයි . ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය රාජපක්ෂලා සතුව තියාගන්නට අවශ්‍ය නම් ජනාධිපතිවරණයේ අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක් විය යුතුමය. එසේ නොවුණොත් පසු කලෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත් වෙච්ච ඉරණම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටද අත් වීමට නියමිත බව ඔවුන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදාහරණයෙන් ඒත්තු ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් වෙනවාද නැද්ද?

රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට බැරි බව සමීක්ෂණ වාර්තා හෙළිදරව් කර අවසානයි. එනිසා රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන්නට නම් දැවැන්ත සන්ධානයක පිහිට පැතිය යුතුයි. ඒ සන්ධානය තුළ ප්‍රධාන පාර්ශවයක් ලෙස සමගි ජන බලවේගය හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිටිය යුතුයි. සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන්නට දැඩි ආශාවකින් පසුවෙන බැවින් කොන්දේසි මත හෝ ඔහු රනිල්ව ජනාධිපති කරන්නට සහයෝගය දක්වන්නට එකඟතාවයකට එන්නේ නැහැ. මේ වනවිටත් සජිත් කල්පනා කරමින් සිටින්නේ තමන් එළඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ජනාධිපති වෙන බවයි.

රනිල් වික්‍රමසිංහට මහජන චන්දයෙන් තමන්ගේ ජනාධිපති සිහිනය ඉෂ්ට කර ගැනීමට ඇත්තේ එක විකල්පයක් පමණයි. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහාය දැක්වීම සඳහා එකඟ කර ගැනීමයි. රනිල් මේ මොහොතේ කුරුමානම් අල්ලන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමන්ව ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගන්නා තැනට තල්ලු කර ගැනීමට .

රාජපක්ෂ පාර්ශ්වයේ දැඩි වුවමනාව බවට පත්වී තිබෙන මහ මැතිවරණය මේ සඳහා උපයෝගී කරගත හැකි දොළ පිදේනිය ලෙස ඉදිරියේදී ප්‍රයෝජනයට ගනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කරනවා. දෙපාර්ශවයේ අවශ්‍යතාවය මත දෙපාර්ශ්වය උදව් කර ගැනීම මෙහි අරමුණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු එකඟ වෙන්නේ නම් ඉදිරි සතු කීපය ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැදවීමට නියමිතයි.

බවට පත් වී තිබෙන්නේ ජනාධිපතිවරණය පෙන්වා මහ මැතිවරණයක් කැඳවා පොදු තැන පෙරමුණේ කරමතින් ජනතා ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා ලෙස ඊළඟ ජනාධිපති බවට පත්වීමයි.

මොවුන් තමන්ගේ බල උවමනාව වෙනුවෙන් මේ දේශපාලන සූදුව ඉතාමත් නින්දිත ආකාරයෙන් සිදුකරමින් යන බව පැහැදිලියි. ඉදිරි මාස කීපය තුළ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තියනවා .

 

leave a reply