ඉන්දියන් සාගරය සාම කලාපයක් ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයේදී සම්මත කෙරුණේ 1999දීය. 1971 එවකට ලංකාවේ අගමැතිනිය සිරිමා බණ්ඩාරනායකගේ යෝජනාවක්Declaration of the Indian Ocean as a Zone of Peace (document A/C.1/54/L.45) ලෙස මුලින්ම ඉදිරිපත් වූ මෙම යෝජනාව ලෝක බලවතුන්ගේ විරෝධයෙන් විවිධ බාධක මැද කල් ඇදී අවසානයේ 1999 72වන එක්සත් ජාතින්ගේ මහාමණ්ඩලයේ සම්මත කරන ඡන්දයේ දී එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය ඊට විරුද්ධ විය. එම තත්වය නිසාම ඍජු තීරණයක් ගන්න නොහැකි වූ රාජ්‍යයන් 46ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර රටවල් ගණනාවක් ඡන්දය විමසන අවස්ථාවේ සභාගර්භයේ සිටියේ නැත.
වැදගත්ම කාරණයක් නම්, ලෝක බලවතුන් ලෙස ඇමරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන විට, ඉන්දියාව, ඉරානය වැනි රටවල් 105ක් මෙම යෝජනාව අනුමත කිරීමය.
මේ පසුබිම තුළ එක්සත් ජනපදය විසින් ඉන්දිය සාගර කලාපය තුල සාමය කඩ කිරිම අනුමත කළ නොහැකිය. ඇතැමුන් ගෙන එන තර්කයක් ලෙස, එක්සත් ජනපදය බලවත් රාජ්‍යයක් නිසා රාජ්‍යතාන්ත්‍රික බුද්ධිමත්බවකින් මේ ප්‍රශ්නය දෙස නිහඬව බලා ඉන්නට නොහැකිය. මේ සම්බන්ධයෙන් ආරම්භක මොහොතේ විරුද්ධවීමට නොහැකි නම්, ඉන්දිය සාගරයේ ඉදිරියේ සිදුවන බිහිසුණු යුද ගැටුම්, මිනිස් ජීවිත විනාශයට අපගේ දායකත්වය දුන්නා වන්නට පුළුවන. අප විරුද්ධ වන්නේ කෙසේද? අපට යුද බලයක් නැත. එහෙත් විරුද්ධ වීමේ දේශපාලන තීරණය ගන්නා විට එය ප්‍රකාශයට පත් කරන ආකාරය වෙනම සාකච්ඡා කළ හැකිය. හුදුද නිවේදනයක්ද තානාපතිවරයා කැඳවා අප්‍රසාදය පළ කිරීමක්ද යන ස්වෛරී රාජ්‍යයක් සතුව තිබෙන ක්‍රම ගනනාවකි.
අවශ්‍ය වන්නේ අවශ්‍ය තැන තීරණයක් ගැනීමේ අධිෂ්ඨානය පමණකි. එක්සත් ජනපදය තරහා වෙයි කියන භීතියෙන් මේ සිදුවීම ගැන කරබා ගෙන සිටීමෙන් සිදුවන යහපතක් නැත.







