2011-2050 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික භෞතික සැලසුම නිසා මෙතෙක් ආරක්ෂිතව පැවති පරිසර පද්ධති රැසක් තවදුරටත් එලෙස නොපවතින අතර මහානගර කලාප, අධිවේගී මාර්ග, හා ස්ථාපිත වීමට නියමිත න්‍යෂ්ඨික බලාගාර ඇතුලූ විදුලි බලාගාර හා ආර්ථික බෝග වගාවන් නිසා පරිසරය දැවැන්ත හානියකට පත්වෙනු ඇත.
ප‍්‍රධාන වශයෙන් ඉදිවූ කොළඹ-මාතර අධිවේගී මාර්ගය හා කටුනායක කොළඹ අධිවෙිගී මාර්ග නිසා මුතුරාජ වෙල ඇතුළු වටිනා පරිසර පද්ධති වීනාශ වී ගිය අතර මෙම ප‍්‍රදේශ සියල්ලම අධික ගංවතුර තර්ජනයට ලක්වෙිමින් ඇත. එමෙන්ම අනෙක් අධිවේගී මාර්ග නිසාත් ලෝක උරුමයක් වන හා ප‍්‍රාථමික වනාන්තර ඝණයට අයත් සිංහරාජය දෙවරක් දෙකඩ වීම සිදුවන අතර සිංහරාජය ඇතුලූ ප‍්‍රධාන වනාන්තර 39ක් මෙම දැවැන්ත සංවර්ධනය නිසා විනාශ වීමට ලක්වේ.
එමෙන්ම උඩවලව ජාතික වනෝද්‍යානය, වැටහිර කන්ද, ලූණුගම්වෙහෙර, මඳුනාගල, වීරවිල, නිමලව, බුන්දල, උස්සන්ගොඩ, කතරගම, කටගමුව, රුහුණුයාල, සාගම, බුද්දන්ගල,උල්පස්ස, එගොඩයාය, මහකනදරාව, අනුරාධපුර, මිහින්තලේ, රිටිගල, කහල්ල,පල්ලේකැලේ, සීගිරිය, මින්නේරිය, ගිරිතලේ, ඇලහැර, බකමුණ, කවුඩුල්ල, සෝමාවතිය,නෙවල් හෙඩිවර්ක්, චුණ්ඩිකුලම්, විල්පත්තු, යෝධවැව, චෙන්කලඩි, මඩුරක්ෂිතය, මුතුරාජවෙල, කලමැටිය, පෙරියකච්චි, වැනි ජාතික වනෝද්‍යාන , ස්වාභාවික රක්ෂිත, දැඩි ස්වභාවික රක්ෂිත, අභයභුමි යන වනාන්තර අධිවේගි මාර්ග ඉදිවීම නිසා හානි වීමසිදුවේ. එමෙන්ම බිබිල නිල්ගල හෝටල් ව්‍යපෘතියක් හා සංචාරක කර්මාන්තයට අවශ්‍යයටිතල පහසුකම් දියුණු කිරීම නිසා සැලකිය යුතු විනාශයක් සිදුවේ.
2011 වර්ෂයේ dole and cic සමාගම් සඳහා අක්කර 65600ක ඉඩම් ප‍්‍රමාණයක් ලබාදුන් අතර ,ඒ යෝජිත රක්ෂීත අභය භූමි ඇතුළු ප‍්‍රදේශ වලිනි. ඉහත සඳහන් කළ විනාශකාරීසංවර්ධනයට අමතරව කැලෑ ඉඩම් මෙලෙස පෞද්ගලික අයිතියට ලබාදීම තවදුරටත්සිදුවුවහොත් 2030 වනවිට වනාන්තර ප‍්‍රතිශතය 10% වඩා පහල මට්ටමකට අඩුවනු ඇත.තේ, පොල්, රබර්, කුඹුරු සඳහාත් නගර නිර්මාණය හා ගොඩනැගිලි සඳහාත් , මිනිස්ජනාවාස සඳහා හා ආර්ථික බෝග යන සියලූ ඉඩම් භාවිතයන් ගතහොත් දැනට ප‍්‍රතිශතයක්ලෙස මුළු භූමිප‍්‍රමාණය වන වර්ග කි.මි. 65525 න් සියයට 83.5ක් දැනට භාවිතයට ගෙන ඇත.