රශ්මි දිව්‍යංජලී සහෝදරියට තුවාල කළ ගල් ප්‍රහාරය ගැන පොලීසියට චෝදනා!

බොරැල්ල නගරයේදී අද(28) පැවැති විරෝධතාවකට පසුව එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රශ්මි දිව්‍යංජලී සහෝදරිය තුවාල ලබා ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. මෙම ගල් ප්‍රහාරය පොලිසිය වෙතින් එල්ල කෙරුණක් බවට චෝදනා කරමින් ජනතාව පොලිසිය වෙත දැඩි විරෝධයක් පළ කරනු දක්නට ලැබුණි.

රශ්මි දිව්‍යංජලී සහෝදරිය මින් පෙරද පොලිසියේ අනීතික ක්‍රියාකලාපය නිසා පීඩාවට පත් වූ සහෝදරියකි. අමෙරිකාවේදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කලු ජාතිකයා පොලිසිය විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2021 ජූනි මස කොළඹ පැවති විරෝධතාවකදී පොලිස් නිලධාරින් විසින් ඇය ඔසවා පොලිස් ට්‍රක් රථයකට වීසිකරන දර්ශන මාධ්‍ය ඔස්සේ ප්චා‍රරය වූ අතර මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත දැඩි චෝදනා එල්ල කෙරිණි. අද දින විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයන්, සිවිල් ක්‍රියාකාරින් හා එක්ව සාමකාමී විරෝධතාවකට සහභාගි වූ රශ්මි සහෝදරිය පොලිසිය විසින් එල්ල කළ බාධාවන් නිසා බොරැල්ල ‘සහස්පුර’ නිවාස සංකීර්ණය අසළ පැවති විරෝධතා රැලියට සහභාගි වූවාය. ඇය මෙම ගල් ප්‍රහාරයට මුහුණ දුන්නේ එම අවස්ථාවේදීය.
කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් මෙම විරෝධතාව කැඳවනු ලැබුවේ ‘වහල් කම්කරු නීතිය එපා!’, ‘කම්කරු අරමුදල් කොල්ලය නවතනු! යන තේමා පාඨ ඔස්සේය.

මෙම විරෝධතාව කොළඹ ජාතික රෝහල ආසන්නයේ පැවැත්වීමට විධිවිධාන යොදා තිබුණද රෝහල් කටයුතුවලට බාධා කරමින් පොලිස් හමුදාවක්, කැරලි මර්දන භටයන් හා යුද හමුදා භටයන් කැඳවා තිබුණු නිසා රෝහල ඉදිරියේ ජනතාව මෙන්ම රෝගීන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට ඉඩ ඇති බැවින් විරෝධතාව බොරැල්ල නගරය වෙත ගෙන යන්නට කම්කරු අරගල මධ්‍යස්ථානය කටයුතු යෙදීය.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...