එක්ස්ප්‍රස් පර්ල් හානියේ වන්දි ධීවරයන්ට ගෙවා නැහැ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා වන්දි වශයෙන් ලැබුණ රුපියල් මිලියන 293 ක මුදලක් ධීවර අංශය සඳහා තවමත් ඉතිරිවී ඇති බව නිලධාරීන් විසින් ආංශික අධීක්ෂණ කාරක සභාවට පෙන්වාදී තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, එම ලැබුණු මුදල ධීවරයින් වෙනුවෙන් නොගෙවීම සම්බන්ධයෙන් කාරක සභාව තම අප්‍රසාදය පල කළ බවයි.

ඇතැම් ධීවරයින් විදේශගත වීම මෙන්ම අදාළ වන්දිය ලබාගත යුතු පුද්ගලයා ඉදිරිපත් නොවීම හේතුවෙන් වන්දි මුදල් ඉතිරිවී ඇති බවත් ඒවා ඉදිරියේදී ගෙවීමට කටයුතු කරන බවත් කාරක සභාවට එක්වූ නිළධාරින් පවසා ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා ලැබී ඇති වන්දි මුදල, ඒවායින් ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවා ඇති මුදල, වෙරල ආරක්ෂණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල සහ ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස එහිදී කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...