මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන මව්බිම පුවත්පත හා එහි ඉංග්‍රීසි භාෂා පුවත්පත වන Ceylon Today පුවත්පත හදිසියේම වසාදැමීමට තීරණය කර තිබෙනවා.
හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට අයත් මෙම පුවත්පත් ආයතනය, අද (04) වෙළෙඳපොළට නිකුත් කළ එම පුවත්පත් ද්විත්වයෙහිම මුල් පිටුවල සඳහන් කර තිබුණේ, මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශයේ පමණක් ප්‍රවෘත්ති සම්පාදනය කරමින් ක්‍රියාත්මක වන බවත්, මුද්‍රිත පුවත්පත් වෙළඳපොළ වෙත නිකුත් නොකරන බවත් ය.
කෙසේ නමුත්, සතිඅන්ත මවුබිම හා Ceylon Today යන පුවත්පත් තවදුරටත් මුද්‍රණය කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ.
මෙම තීරණය සම්බන්ධයෙන්, ආයතන සේවකයින් ද දැනුවත් කර නොමැති බවත්, ඔවුන් බහුතරයක් මෙම තීරණය පිළිබඳ දැනුවත් වී ඇත්තේ අද දින අදාල නිවේදනය සඳහන් පුවත්පත දැකීමෙන් අනතුරුව බවත් ආරංචි මාර්ග සඳහන් කරන අතර, මේ හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව මවුබිම පුවත්පතෙහි මාධ්‍යවේදීන් හට හිඟ වැටුප් තවමත් ලබා නොදීමේ සිද්ධි මෙන්ම වසර ගණනාවකින් සේවක අර්ථසාධක අරමුදල්ද බැර කර නොමැති බවට ද එහි සේවකයින් චෝදනා කරනු ලබනවා.
මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවය වෙනුවෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක්
දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා විසින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.
මාර්තු 04 දිනැති එම ලියුමේ සදහන් කර ඇත්තේ දිනපතා පුවත්පත් කිහිපයකම මුද්‍රණය මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තා වී තිබෙන බවයි.
එම ආයතනවල සේවය කළ ජනමාධ්‍යවේදීන්ට හිඟ වැටුප් ගෙවීමට ඇති බවට ද තොරතුරු වාර්තා වන බවද එම ලිපියේ සදහන්ය.
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාව ඇති කිරීම සහ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය විධිවිධාන සැලැස්වීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් බවත්, මේ පිළිබඳ නෛතික තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් දිනයක් සහ වේලාවක් ලබා දෙන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ලිපියට අන්තර්ගත වී තිබේ.
මෙයට පාදක වී තිබෙන්නේ ටිරාන් අලස්ට අයත් පුවත්පත් වසා දැමීමත් සමග ඇතිව තිබෙන හදිසි තත්වයයි.
මාර්තු 04 දින වෙළෙඳපොළට නිකුත් වූ ‘මව්බිම’ සහ ‘Ceylon Today’ පුවත්පත්වල මුල් පිටුවේ සඳහන් කර තිබුණේ මින් ඉදිරියට ඔවුන් ඩිජිටල් අවකාශය ඔස්සේ පමණක් ප්‍රවෘත්ති සම්පාදනය කරන බවයි. කෙසේ වෙතත්, සතිඅන්ත පුවත්පත් දෙක තවදුරටත් මුද්‍රණය වන බව වාර්තා වුවද, දිනපතා පුවත්පත් වසා දැමීමේ තීරණය සේවකයන්ට දැනුම් දී ඇත්තේ ඊයේ දිනයේදීය.
මෙම පුවත්පත් වසා දමන බවට ඇතැම් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් අදාල තීන්දුව ගත් දිනය තුළදීද දැන සිට නොමැත.
වාර්තා වන අන්දමට මෙම පුවත්පත්වල මාධ්‍යවේදීන්ට මාස දෙකක වැටුප් මෙතෙක් ගෙවා නොමැත. වසර ගණනාවක සිට සේවක අර්ථසාධක අරමුදල් (EPF) බැර කර නොමැති බව ද වාර්තා වෙයි.
හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇති විවිධ චෝදනා හමුවේ, සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මෙලෙස කඩවීම සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.






