සිසු ක්‍රියාකාරිකයෙක් සුදු වෑන් රථයකින් පැහැරගෙන පැය 03ට පසු මහමඟ දමා ගිහින්

කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අද සවස සුදු වෑන් රියකින් පැහැරගෙන පැය 03ට පමණ පසුව මහමඟ දමා ගොස් තිබේ. මෙම පැහැරගැනීමට ලක්ව ඇත්තේ කැළණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිව්වෙනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. සිසු ක්‍රියාකාරීන් පවසන ආකාරයට පැහැරගැනීමට ලක්වූ ශිෂ්‍යාගෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සිටින්නේ කොහෙද? ඊළඟට අන්තරේ ලෙස ගන්නා ක්‍රියාමාර්ග මොනවාද සහ සිසු ක්‍රියාකාරීන්ගේ ඡායාරූප පෙන්වමින් ඔවුන් කවුරුන්ද යන්න දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.

එසේම මත්ද්‍රව්‍ය වර්ගයක් පෙන්වා එය ඔහු සන්තකයේ තිබූ බව සඳහන් කරමින් ඔහුව සිරගත කරගත හැකි බවද පැහැරගත් පිරිස් විසින් පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...