ඉන්දියානු බාල ඖෂධ නිසා ජනතාවට මරණයද?

Date:

විෂබීජයක් අඩංගු බවට අනාවරණය වීම හේතුවෙන් වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා ලබාදෙන ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නැමැති එන්නත සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිව තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉන්දියාවේ නිෂ්පාදිත එන්නතක් වන Ondansetron භාවිතා කිරීම වළක්වන ලිපියක් නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ රෝහල්වලින් ඉවත් කිරීමට පෙර එන්නත් 220,000ක් පමණ භාවිතයට ගෙන ඇති බවයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ අදාළ එන්නත් 270,000ක් මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය සිකුරාදා (12) දිනයේ සිට එම එන්නත් රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවය.

වමනය සහ ක්ලාන්තය පාලනය කිරීමට රෝගීන් සඳහා ලබාදෙන ඔන්ඩන්සෙට්රෝන් නැමැති එන්නතේ විෂබීජයක් පවතින බවට මහනුවර මහරෝහලේ වෛද්‍යවරුන් විසින් පසුගියදා පළමුවරට වාර්තා කර තිබුණි.

පසුව ඒ සම්බන්ධයෙන් තවත් රෝහල් කිහිපයකින් වාර්තා වීමත් සමග එම එන්නතේ කාණ්ඩ 4ක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කර ඇත.

අදාළ එන්නත ලබාදුන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

අදාළ එන්නත සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදුකරන පරීක්ෂණවලට අමතරව වෛද්‍ය පර්යේෂණායතනයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉන්දියානු සමාගමකින් මෙරටට ආනයනය කර ඇති අදාළ එන්නත සම්බන්ධයෙන් දින 28ක් ඇතුළත පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස එම නිෂ්පාදකයාට ද දැනුම් දී තිබේ.

මේ එන්නත ගෙන්වා ඇත්තේ ඉන්දියානු ණය ක්‍රමය යටතේයි. ඒ හරහා ගෙන්වන ඖෂධ ලංකාව තුළදී ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය (NMQAL) මගින් පරීක්ෂාවට ලක් නොකරන බව වාර්තා වේ.

2025 අප්‍රේල් 5 වැනිදා අත්සන් කරන ලද අනුර – මෝදි ගිවිසුම් වලට අනුව දැන් ලංකාව තුළ ඉන්දියානු ඖෂධ ප්‍රමිතියත් පිළිගෙන තිබේ. මේ අනුව ඉදිද්රියේදී මේ ආකාරයේ බාල ඖෂධ රට තුළට ගලා ඒමේ විශාල අනතුරකද මතුව තිබේ.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...