නිවාසක් හිමිකර ගැනීම අසීරු රටවල් අතර ලංකාව දෙවැනි තැනට

නිවාස මිල ගණන් සහ ආදායම් අතර අනුපාතය (home price to income ratio) අනුව ගත් විට නිවෙසක් ඉදිකිරීම සහ මිලදී ගැනීම සඳහා අසීරු ලොව රටවල් අතරින් දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ UN Habitat මගින් පසුගියදා නිකුත් කළ නවතම World Cities Report 2026: The Global Housing Crisis
ලෙස මෙම වාර්තාව නම් කර තිබේ.

මෙම අනුපාතය මගින් සාමාන්‍ය පවුලකට සම්පූර්ණ වාර්ෂික ආදායමෙන් වෙනත් කිසිදු වියදමක් නොකර, සාමාන්‍ය මට්ටමේ නිවසක් මිලදී ගැනීමට කොපමණ වසර ගණනක් ගතවේද යන්න මින් පෙන්නුම් කරයි.

එයට අනුව මෙම නිවාස මිල – ආදායම් අනුපාතයේ ලෝක සාමාන්‍ය අගය 12 කි. එහි අඩු අගය මගින් නිවාස මිලදී ගැනීමට ඇති හැකියාවත්, ඉහළ අගය මගින් නිවාස මිලදී ගැනීමට ඇති අසීරුතාවත් පෙන්නුම් කරයි.

මෙම වාර්තාවට අනුව නිවසක් මිලදී ගැනීම සඳහා අසීරුම රට වන්නේ සිරීයාවයි. එරට නිවාස මිල – ආදායම් අනුපාතය 86.7ක අගයක් ගෙන තිබේ. දෙවැනි තැන පසුවන ශ්‍රී ලංකාවේ එම අනුපාතය 40.8 කි. තෙවැනි තැන පසුවන චීනයේ එය 34.6 කි.

පසුගියදා ලංකාවේ අගනගරය වූ කොළඹ නගරයේ නිවාස කුලී වැඩිවීම ගැනද සමීක්ෂණයක් සිදුකර තිබුණි.

මෙම දත්තවලින් පෙනෙන්නේ අපේ රටේ ජනතාවට සිය මූලික පහසුකම් සපයා ගැනීම කොතරම් අසීරු වී තිබේද යන්නයි.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...