වතු වැටුප වැඩිකිරීම – වතු සමාගම් රු 200යි, ආණ්ඩුවෙන් රු 200යි

වතු සේවකයන්ගේ දෛනික වැටුප වැඩිකිරීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද (30) පෙරවරුවේ දී වැවිලි සහ ප‍්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී අත්සන් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පඩිපාලක සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී ඇත.

2026 අයවැය යෝජනාව අනුව දැනට රුපියල් 1,350ක් ලෙස ගෙවෙන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

මෙම වැඩිවීමෙන් රුපියල් 200ක් වැවිලි සමාගම් මඟින් සහ ඉතිරි රුපියල් 200 රජය මඟින් ලබා දේ.

වැටුප් වැඩිවීම 2026 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන අතර, ජනවාරි මාසයේ සේවක පැමිණීම් වාර්තා පෙබරවාරි 3 වන දිනට ලැබුණු පසු, රජය මඟින් ප්‍රාදේශීය සමාගම් වෙත දායක මුදල් මුදා හැරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වැවිලි සහ ප‍්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසා තිබේ .

එමෙන්ම වැවිලි සමාගම් සේවක බැංකු ගිණුම් තොරතුරු ලබා දී ඇති අතර, ඒ අනුව රු. 200ක දීමනාව බැංකුගත කිරීමේ කටයුතු ද සූදානම් කර ඇති බව පැවසේ.

රජයේ මාධ්‍ය මෙම වැටුප් වැඩිකිරීම රු 1750ක් ලෙස සඳහන් කළද සත්‍ය ලෙස සිදුවන්නේ රුපියල් 1350 සිට 1550 දක්වා වතු වැඩිවීමයි. රජය මගින් ලබාදෙන රුපියල් 200 ලබාදෙන්නේ පැමිණීමේ දීමනාවක් ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...