අර්බුදය හමුවේ පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට අදාළව ගුරු සංගම්වලින් යෝජනාවලියක්

පවතින අර්බුදකාරී තත්ත්වය තුළ පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට අදාළව ඒකාබද්ධ ගුරුසේවා සංගමය මගින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ. අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත වෙත ලිපියක් යොමුකරමින් එම සංගමය පවසන්නේ බලශක්ති අර්බුදය, උද්ධමනය ඉහළ යාම දරුවන්ගේ පෝෂණ මට්ටම් බිඳ වැටීමේ සිට සමස්ත අධ්‍යාපන පද්ධතියම කඩා වැටීමේ අවදානමකට හෙලා ඇති බවයි.

ඒ අනුව ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් පාසල් පද්ධතිය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට අදාළව යෝජනාවලියක් අධ්‍යාපන ඇමතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

එම යෝජනාවල සංක්ෂිප්ත අදහස වන්නේ,

පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ප්‍රවාහන ගැටළු විසඳීමට අදාළව සිසු සැරිය බස් රථ ප්‍රමාණය වැඩි කිරීම.

ගුරුවරුන්ගේ සථිර පදිංචිය සැළකිල්ලට ගෙන ආසන්න පාසලට ගුරුවරු අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙලක් හැදීම.

දැනට පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක පාසල් ගණන වැඩිකිරීම සහ ඒ සඳහා ලබාදෙන පෝෂණ දීමනාව වැඩි කිරීම.

පාසල් නඩත්තුවට දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම නැවත්වීම සහ ඒ සඳහා රාජ්‍ය ප්‍රතිපාදන වැඩිකිරීම.

පාසල් පෙළපොත් නොමිලේ ලබාදීම සහ පාසල් ලිපි ද්‍රවය සහන මිලට ලබාගැනීම සඳහා පාසල් සමූපකාර ක්‍රමය ශක්තිමත් කිරීම.

ගුරුවරුන්ගේ මැදිහත්වීම ප්‍රශස්ත මට්ටමින් ලබාගැනීම සඳහා අනවශ්‍ය කොළ පිරවිලිවලින් ගුරුවරුන් නිදහස් කිරීම.

අධ්‍යාපනය සඳහා වෙන්කරන ප්‍රතිපාදන ඉහළ නැංවීම.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...