මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන එක ත්‍රස්තවාදය නම් අපි ලෑස්ති හිරේ ඉන්න – වසන්ත මුදලිගේ

රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාකරන එකට එකට කියන්නේ ත්‍රස්තවාදය නම් අපි ලෑස්තියි අවුරුදු ගානක් හිරේ ඉන්න. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ අපි දණ ගහන්නේ නැහැ. අපි ලෑස්තියි තව අවුරුදු ගණනක් හිරේ ඉන්න. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ අපි දණ ගහන්නේ නැහැ.

අද කොළඹ අලුත්කඩේ උසාවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා බන්ධනාගාර ගත කරනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර බස් රථයේ සිට මාධ්‍යවේදීන් අමතා පවසා තිබුනේ එවැන්නකි.

අද දිනයේත් ඔහු සුපුරුදු සිනාමුසු මුහුණින් රතු කමිසයකින් සැරසී උසාවිය වෙත පැමිණීම විශේෂත්වයකි.

තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරුය .

මෙම සිද්ධියට අදාළව ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 23 වෙනිදාය.

හෂාන් ජීවන්ත, ගල්වැව සිරිධම්ම සහ වසන්ත මුදලිගේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේදීය.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...