මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන එක ත්‍රස්තවාදය නම් අපි ලෑස්ති හිරේ ඉන්න – වසන්ත මුදලිගේ

රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතාකරන එකට එකට කියන්නේ ත්‍රස්තවාදය නම් අපි ලෑස්තියි අවුරුදු ගානක් හිරේ ඉන්න. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ අපි දණ ගහන්නේ නැහැ. අපි ලෑස්තියි තව අවුරුදු ගණනක් හිරේ ඉන්න. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ අපි දණ ගහන්නේ නැහැ.

අද කොළඹ අලුත්කඩේ උසාවිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දිනය දක්වා බන්ධනාගාර ගත කරනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාර බස් රථයේ සිට මාධ්‍යවේදීන් අමතා පවසා තිබුනේ එවැන්නකි.

අද දිනයේත් ඔහු සුපුරුදු සිනාමුසු මුහුණින් රතු කමිසයකින් සැරසී උසාවිය වෙත පැමිණීම විශේෂත්වයකි.

තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරුය .

මෙම සිද්ධියට අදාළව ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 23 වෙනිදාය.

හෂාන් ජීවන්ත, ගල්වැව සිරිධම්ම සහ වසන්ත මුදලිගේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේදීය.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...