ලාල් විජේනායකට ‘තග’ දමා ඇත්තේ ලාල්කාන්ත

Date:

ලාල් කාන්ත ඇමතිවරයා අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස සම්බන්ධයෙන් නිහඬව සිටින ලෙස තමාට දැනුම් දුන් බව ජාතික ජන බලවේගයේ උප ලේකම් අධිනීතිඥ ලාල් විජේනායක ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.

එසේ නිහඬව සිටින ලෙස කී අවස්ථාවේදී අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ අයකු ලෙස එයට බලපෑම් කරන දෙයකට එරෙහිව සටන් නොකර ඉන්නේ කෙසේදැයි පෙරළා පිළිතුරු දුන් බවද ලාල් විජේනායක එහිදී පවසයි.

දුරකතනයෙන් දීර්ඝ ලෙස කතා කිරීමට අකමැති වූ හෙයින් තමාගේ ස්ථාවරය පැහැදිලි කරමින් ලාල් කාන්ත ඇමතිවරයාට ලිපියක් යැවූ බවද, එමෙන්ම පක්ෂ නායක ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට, ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුළු තවත් කිහිප දෙනෙකුට එහි පිටපත් යැවූ බවද ඔහු කියයි.

ඉන්පසු ඔවුන් රැස්වීමක් කැඳවූ බවද, ඔහු ඊට සහභාගි වූ බවද, තමාට කියන්නට ඇති දෙය කියන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවද, ඒ අනුව ලිපියේ ඇති දෙය පැහැදිලි කළ බවද, ඉන්පසු ජනාධිපතිවරයා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අවශ්‍ය වීමට හේතු හා තර්ක ඉදිරිපත් කළ බවද, ජනාධිපතිවරයා ඇතැම් නීතිමය විධිවිධාන මෙන්ම නීති පද්ධතියේ ඇතැම් පැති විවේචනය කළ බවද ලාල් විජේනායක එම සාකච්ඡාවේදී පවසයි.

ඉන්පසු ඒ සම්බන්ධයෙන් ඔවුන් තීරණයක් නොගත් බවද, ආර්ථිකය වැනි වෙනත් කරුණු සාකච්ඡා කිරීමට යොමුවුණ බවද, එම රැස්වීම ඉන්පසු අවසන් වූ බවද ලාල් විජේනායක ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එසේම ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වූ 2024 සැප්තැම්බර් 23 පසු මෙතෙක් රැස්වී නැති බව වාර්තාවේ.

ජාතික ජන බලවේගය විසින් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නැති තත්වය තුළ තමා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවට ජාතික ජන බලවේගයේ උප ලේකම් ලෙස කටයුතු කරන එහි ජාතික විධායක සභා සාමාජික අධිනීතිඥ ලාල් විජේනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදී ජාජබ ජාතික විධායක සභාව නියෝජනය කරන ඉහළ නිලධාරියකු ඒ බව තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...