රනිල්ලා මෛත්‍රීලා සැපෙන් සනීපෙන් – පූජිත්, හේමසිරි මරණ දන්ඬුනයට

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම රාජකාරී වගකීම පැහැර හැරීමෙන් මරණ සිදුවීමට ආධාර අනුබල දීම යන චෝදනාවලට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ ය මෙම තීන්දුව ලබා දී ඇත.

විනිසුරු ප්‍රියන්ත ලියනගේ, තිලකරත්න බණ්ඩාර සහ විරාජ් වීරසූරිය යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ නඩුව විභාගයට ගෙන ඇති අතර සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් මෙහිදී පූජිත් ජයසුන්දර වරදකරු බවට තීන්දු කර තිබේ. මෙහිදී විරාජ් වීරසූරිය විනිසුරුවරයා තීන්දු කර ඇත්තේ අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් බවයි.

විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව අනුව චෝදනා 855කින් 854කට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වරදකරු බවට තීන්දු කර ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සම්බන්ධ තීන්දුවද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම දෙදෙනා පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ රටේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකි. එම නිසා එම ප්‍රහාරය සිදුවීමට හැරීම ගැන මේ දෙදෙනා සතු වගකීම බැහැර කළ නොහැක. නමුත් මෙම දෙදෙනාට ඉහළින් සිටි තීන්දු තීරණ ගත් සහ අවශ්‍ය උපදෙස් ලබාදුන් දේශපාලන අධිකාරියට කිසිදු හෙනයක් නැත. එවක ජනාධිපති ලෙස කටයුතු කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේනයි. එසේම අගමැති වූවේ රනිල් වික්‍රමසිංහයි. පූජිත් සහ හේමසිරි වගකීම් පැහැර හැර ඇත්නම් එයට වඩා වැඩි වගකීමක් මෛත්‍රීට සහ රනිල්ට පැවරේ. නමුත් මෙතෙක් ඔවුන්ට එරෙහි නිසි නඩු පැවරීමක් හෝ සිදුව නැත.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...