“කතා කරන මහ වැව” ගැන පොඩි කතාවක් ලිට් රූම් සූම් සංවාද මණ්ඩපයේ දි

අගෝස්තු මස දෙවන ඉරිදා ලිට් රූම් සූම් සංවාදය පැවැත්වෙන්නේ “කතා කරන මහ වැව” නම් නකතාවක් නොවන නවකතාවක් තේමා කරගෙනය.

“කතා කරන මහ වැව” නවකතාවක් නොවන්නේ – එය හුදෙක් ප්‍රබන්ධයක් ම නොවන නිසා හෙවත් එකී කෘතිය ලංකාවේ වාරි කර්මාන්තය, වැව හා වැව ආශ්‍රිත පැරණි ගැමි ජීව්තය, සංස්කෘතිය, කලාව ජීවන අරගල ආදි තත්‍ය තොරතුරු ඇතුලත් වී ඇති බැවිනි. එම අර්ථයෙන් එම කෘතිය  කථානාත්මක-සංස්කෘතික අවකාශයක් (Narrative-Cultural Space) ලෙස ඇතැම් වියතෙක් හඳුන්වා දෙන බැවිනි.

එය නව කතාවක් වන්නේ, වැව පිළිබඳ, වැව හා එහි සංයුතිය පිළිබඳව මෙතෙක් ඔබ අප නොදත් හෝ අඩක් දත් කරුණු සංනිදර්සනාත්මකව පැහැදිලිව පූර්ණව විග්‍රහ කරමින්, වැව් බැඳි රටේ “වැව” යනු තවත් දිය පිරි ජලාශයක් පමණක්  නොවන බව ඔබට පසක් කරදෙන, වැව ගැන අලුත් කතාවක් කියවෙන බැවිණි.

කතා කරන මහ වැව කෘතියේ කතුවරිය, සුමනා විජේරත්න මහත්මිය  වසර  ගණනාවක් ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) නාගරික සැලසුම්කාරිනියක ලෙසත්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක ලෙසත් කටයුතු කර ඇත. වර්තමානයේ ඇය කැනඩාවේ ස්වාධීන පර්යේෂිකාවක මෙන්ම පරිසර පද්ධති හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කරන්නියක ලෙසත් කටයුතු කරන්නීය. ඇය විසින් රචිත  “බුදුන් දුටු සමාජවාදය” සහ තිමිර විනිවිද මාවෝ  වැනි කෘති ද සිංහල  පාඨකයන් අතර බෙහෙවින් ප්‍රසිද්ධය.

මෙම කෘතිය තුළ වාරි තාක්ෂණය සරල ඉංජිනේරු ක්‍රමයකින් ඔබ්බට ගොස්, ජන ජීවිතයට අවියෝජනීයව බැඳුණු සමාජ–සංස්කෘතික පදනමක් ලෙස අර්ථකථනය වේ. වැව ගොඩනඟා පවත්වාගෙන ගිය සාමාන්‍ය ජනතාවගේ—ගොවියන්, කාර්මිකයන් හා නිර්මාණශිල්පීන්ගේ—කැපවීම, දැනුම සහ දීර්ඝකාලීන දැක්ම කතුවරියගේ කථන විලාසය තුළින් සජීවීව උද්දීපනය කෙරේ. ශිෂ්ටාචාරයක් ගොඩනැගෙන්නේ බලය මත පමණක් නොව, සාමූහික වගකීම සහ සම්පත් සුරැකුම මත බව ‘කතාකරන මහවැව’ පාඨක ප්‍රජාවට ඒත්තු ගන්වයි. වැව, අමුණ, ඇළ මාර්ගය සහ ගම යන සංකල්ප අතර පැවති අවිච්ඡේද්‍ය සබඳතාව කෘතිය පුරා දිවෙන ප්‍රධාන තේමාවයි. ජල කළමනාකරණය, ආහාර නිෂ්පාදනය, සමාජ සංවිධානය සහ ආචාර–ධර්ම එකිනෙකට පරිපූරක ලෙස ගොඩනැගුණු පද්ධතියක් ලෙස හෙළ වැව් ශිෂ්ටාචාරය  විවරණයට ලක්වන බව විශ්‍රාමික වාස්තු විද්‍යාඥ සහ නගර නිරිමාණ ශිලිපි සහ කොළඹ හිටපූ නගරාධිපති ප්‍රසන්න ගුණවර්ධන මහතා පවසන්නේ ය.

මෙම කෘතිය පිළිබඳ සංවාදයට, විද්වත් අදහස් දැක්වීම සඳහා, මානව විද්‍යාව පිළිබඳ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ දේශපාලන ක්‍රියාධර නිමල් හේරත් යන මහත්වරුන් සම්බන්ධ වීමට නියමිතය.

ශ්‍රී ලංකා ආර්ථික, සමාජ සංස්කෘතික ජීවනාලියේ හදවත වන් වැව සහ හදවත හා සම්බන්ධ රුධීර සංසරණ පද්ධතිය වන් ඇල දොල වේලී කුඩා වැව් වැව් පාවුලු ආදී වැවේ සුවිශේෂක පෝෂණ කොටස් ආදිය පිළිබඳ  පිළිබඳ ඔබගේ දැනුම් කලාපය වර්ධනය කර ගැනීමට, මෙම සංවාදයට සම්බන්ධ වන ලෙස ලිට් රූම් – සූම් සංවාදයේ සංවිධායකයින් ඔබ සැමට ආරාධනා කර සිටිති.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...