වසන්තට හොඳ කලක් – ක්‍රිප්ටෝ කරන්සි නිත්‍යානුකූල කරන්න යයි

ක්‍රිප්ටෝ හෝ ඒ අකාරයේ ඩිජිටල් මුදල් ශ්‍රී ලංකාව තුළ තහනම් මුදල් ඒකක බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇතත් එම මුදල් නීත්‍යානුකූල කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ ක්‍රිප්ටෝ ව්‍යවහාර මුදල් හෝ ඩිජිටල් ආකාරයෙන් වෙළෙදාම් කළ හැකි හෝ මාරු කළ හැකි ගෙවීම් හෝ ආයෝජන නියාමනය කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය හේතුවෙනි.

ඇමති වසන්ත සමරසිංහගේ වත්කම් බැරකම් සම්බන්ධ තොරතුරුවලදී හෙළිවූ තවත් තොරතුරක් වූවේ ඔහු ක්‍රිප්ටෝවල රුපියල් මිලියන 1ක් ආයෝජනය කර ඇති බවයි.

මීට පෙර මහ බැංකුව පෙන්වා දී තිබුනේ , ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජනයක් ලෙස ප්‍රචලිත වී ඇතත්, වංචනික ක්‍රියාකාරකම් සඳහා ද ඒවා යොදා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවයි.

කෙසේවෙතත් ඩිජිටල් ආර්ථික විෂය භාර ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ජුලි 27 පැවති කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා නියාමන රාමුවක් ඇතිකිරීම සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් පත්කළ උප කමිටුවක් මගින් ලබාදුන් යෝජනා සැලකිල්ලට ගනිමින් එය ඉදිරිපත් කර ඇත.

එම උප කමිටුව යෝජනා කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වන නියාමන බලධරයා ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව සම්බන්ධීකරණය කරන අධීක්ෂණ ව්‍යුහයක් තුළ එම නියාමනය සිදුවිය යුතු බවද එහිදී තීරණය කර ඇත.

වසන්ත සමරසිංහ මෙම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමති වරයෙකි. එවැනි අවස්ථාවක ඔහුත් ආයෝජනය කර ඇති ක්ෂේත්‍රයක් සඳහා රටේ තීරණ ගැනීම සඳහා ඔහු සම්බන්ධව වීම ලැදියාවන් අතර ගැටුමක් මතු කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...