Breaking News

මන්නාරම් දුපත සිතියමෙන් ගැලවෙයිද?

යුද්ධය මැද්දෙන් නෝර්වේ ලංකාවට ආවේ සාමය අරගෙන නෙමෙයි . එයාලා මන්නාරම ගැන අවධානයෙන් හිටියේ . එක පැත්තක ඉන්ධන , මන්නාරම් දූපතේ කනිජ වැලි එයාලා ආවේ මේවා ගන්න. එයාලා මුල් වැඩ ටික කරා. ඒ වෙලාවේ තමයි ඉන්දියාවයි චීනයයි ලංකාවට මිත්‍ර වුණේ. නෝර්වෙට යන්න වුණා. දැන් වෙන්නෙත් එයාලම වෙන විදිහකට එන එකක් . මුළු ලෝකෙම දන්නවා ලංකාවට තියෙන සම්පත් මොනවද කියලා. ගන්න ඕන විදිහත් දන්නවා . හැබැයි ලංකාවෙ උන් දන්නෙ නැහැ ඒවා. ලංකාවෙ අය කරන්නේ කොලේකට අත්සන් කරන එක විතරයි .

ලංකාවේ ජනාධිපති කියනවා මේවා නවත්වනවා කියලා . නමුත් ඒ සමාගම් දිගටම වැඩ කරගෙන යනවා . (මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතිය සහ ඛනිජවැලි හෑරීම සම්බන්ධයෙන් පරිසරවේදී එඩ්සන් මරියනාදන් දැක්වූ අදහස).


මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර ඇති කිරීමට ආරම්භ කරපු මුල් අවධියේ සිටම ඒ සඳහා භූමියේ ජීවත්වන ජනතාවගේ විරෝධය එල්ල වුණේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට අකමැති නිසා නොව මන්නාරම වැනි සුවිශේෂී පාරිසරික ජෛව විවිධත්ව වටිනාකමක් ඇති පරිසරයක් විනාශ කිරීම එහි වෙසෙන ජන ජීවිතයටද ශාක සත්ව පැවැත්මට ද අහිතකර වන හේතුව මතයි .. එනමුත් පාලකයෝ ඒ කිසිදු තත්ත්වයක් සැලකිල්ලට නොගෙන ඉන්දියාවේ අදාලි සමාගම සමග එකඟතා ඇති කරගෙන සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කළා . අදාළ ව්‍යාපෘතියට අධිකරණයෙන් තහනමක් තිබියදී පවා වෙනත් සමාගම් හරහා සිදුකිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා . මේ ආණ්ඩුව බලයට පැමිණෙන්නේ ජනතාවගේ අකමැත්ත මත මේ ව්‍යාපෘති පවත්වන්නේ නැතැයි කියන ඡන්ද පොරොන්දුව ලබා දෙමින් . මොවුන් ද ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත විමසන්නේ නැතිව එම විනාශකාරී ව්‍යාපෘතිය දිගටම කරගෙන යනවා .

මන්නාරම ජනතාව දැවැන්ත විරෝධයක් මීට එල්ල කරමින් සිටින්නේ අත්තනෝමතික ලෙස රම්භ කරපු මන්නාරමේ සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය හරහා ඔවුන්ගේ එදිනෙදා ජීවන තත්ත්වයන්වලටත් පරිසර පද්ධතියටත් වී තිබෙන හානිය අත්දකිමින් අත්විඳිමින් . මේ සම්බන්ධයෙන් මේ බලධාරීන්ට ද කිසිදු තැකීමක් නැති තත්ත්වයක් මතුවී තිබීම කනගාටුදායක කරුණක් .

පහත වීඩියෝව නරඹන්න එහිදී ඔබට පැහැදිලි කරගැනීමට හැකියාව ලැබෙයි මේ ව්‍යාපෘතියට මිනිස්සු අකමැති වෙන්නේ ඇයි කියන එක .

leave a reply