අද ලෝක සංරක්ෂණ වෘත්තිකයන් සැමරීමේ දිනය යි!

පසුගිය මැයි මස 31 දිනෙන් අවසන් වූ වසර තුළ ලොව පුරා විවිධ තනතුරු නාම වලින් සංරක්ෂණ රාජකාරිවල නිරතව සිටියදී රටවල් 40 ක සංරක්ෂණ වෘත්තිකයන් 147 දෙනෙකු ඝාතනයට ලක්වී ඇත. එයින් වැඩිම සංඛ්‍යාව වන 63 දෙනෙකු මරණයට පත්ව ඇත්තේ ආසියානු කලාපයේ ය.

එම ලේඛනයට ශ්‍රී ලංකාව ද ඇතුලත්ව තිබේ. ඒ මෙම වසරේ අප්‍රේල් මස මුලදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ලෙස වනාතවිල්ලුව, තේනූවර ප්‍රදේශයේ විදුලි වැට රාජකාරියේ යෙදී සිටියදී මරණයට පත්වූ වරණකුලසූරියගේ අමිල සුදේශ් උදාර මහතාගේ නම ඉදිරියෙනි.

ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටවූ දින සිට මේ දක්වා රාජකාරි අතරතුර දී මරණයට පත්ව ඇති වනජීවී නිලධාරීන් සංඛ්‍යාව අසූවකට වැඩි ය (සංරක්ෂණ කාර්යයන්ගේ නිරත අනෙකුත් දෙපාර්තමේන්තු වල අදාළ දත්ත මා සතුව නොමැති වීම පිළිබඳව කණගාටු වෙමි).

එසේම මොණරාගල, ඇතිමලේ විජයපුර ප්‍රදේශයේදී ගම්වැදුණු වන අලියෙකු පලවාහැරීමට ගොස් සිටියදී වන අලියෙකු සිදුකල පහරදීමකින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවයකල ඇතිමලේ, වට්ටාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඩී. එම්. සුගත් නයනානන්ද මහතා ඉකුත් ජූලි 26 දින ජීවිතක්ෂයට පත් විය.
මෙවර ලෝක සංරක්ෂණ වෘත්තිකයන් සැමරීමේ දිනය යෙදී ඇත්තේ වනජීවීන්, වනජීවී නිලධාරීන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියල්ලෝම අභියෝග රැසකට මුහුණදී ඇති තීරණාත්මක පසුබිමක ය.

එබැවින්, ලොව ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍ර වලින් එකක් වන මෙම කුඩා රමණීය දිවයිනේ වනජීවීන්, ඔවුන්ගේ ස්වභාවික පරිසරය, ස්වභාවික සම්පත් මෙන්ම ඓතිහාසික උරුමය රැකීමට කැපවී සිටින සියළුම සංරක්ෂණ වෘත්තිකන්ගේ ජීවිත සුරක්ෂිතතාව, වෘත්තීමය භාවය උසස් කිරීම සහ වෘත්තීය ගැටළු විසඳීම සඳහා කඩිනමින් හා අවංකව මැදිහත්වන ලෙස අප රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු!

සුපුන් ලහිරු ප්‍රකාශ්

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...