අද ලෝක සංරක්ෂණ වෘත්තිකයන් සැමරීමේ දිනය යි!

පසුගිය මැයි මස 31 දිනෙන් අවසන් වූ වසර තුළ ලොව පුරා විවිධ තනතුරු නාම වලින් සංරක්ෂණ රාජකාරිවල නිරතව සිටියදී රටවල් 40 ක සංරක්ෂණ වෘත්තිකයන් 147 දෙනෙකු ඝාතනයට ලක්වී ඇත. එයින් වැඩිම සංඛ්‍යාව වන 63 දෙනෙකු මරණයට පත්ව ඇත්තේ ආසියානු කලාපයේ ය.

එම ලේඛනයට ශ්‍රී ලංකාව ද ඇතුලත්ව තිබේ. ඒ මෙම වසරේ අප්‍රේල් මස මුලදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ලෙස වනාතවිල්ලුව, තේනූවර ප්‍රදේශයේ විදුලි වැට රාජකාරියේ යෙදී සිටියදී මරණයට පත්වූ වරණකුලසූරියගේ අමිල සුදේශ් උදාර මහතාගේ නම ඉදිරියෙනි.

ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටවූ දින සිට මේ දක්වා රාජකාරි අතරතුර දී මරණයට පත්ව ඇති වනජීවී නිලධාරීන් සංඛ්‍යාව අසූවකට වැඩි ය (සංරක්ෂණ කාර්යයන්ගේ නිරත අනෙකුත් දෙපාර්තමේන්තු වල අදාළ දත්ත මා සතුව නොමැති වීම පිළිබඳව කණගාටු වෙමි).

එසේම මොණරාගල, ඇතිමලේ විජයපුර ප්‍රදේශයේදී ගම්වැදුණු වන අලියෙකු පලවාහැරීමට ගොස් සිටියදී වන අලියෙකු සිදුකල පහරදීමකින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවයකල ඇතිමලේ, වට්ටාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඩී. එම්. සුගත් නයනානන්ද මහතා ඉකුත් ජූලි 26 දින ජීවිතක්ෂයට පත් විය.
මෙවර ලෝක සංරක්ෂණ වෘත්තිකයන් සැමරීමේ දිනය යෙදී ඇත්තේ වනජීවීන්, වනජීවී නිලධාරීන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියල්ලෝම අභියෝග රැසකට මුහුණදී ඇති තීරණාත්මක පසුබිමක ය.

එබැවින්, ලොව ජෛවවිවිධත්ව උණුසුම් කේන්ද්‍ර වලින් එකක් වන මෙම කුඩා රමණීය දිවයිනේ වනජීවීන්, ඔවුන්ගේ ස්වභාවික පරිසරය, ස්වභාවික සම්පත් මෙන්ම ඓතිහාසික උරුමය රැකීමට කැපවී සිටින සියළුම සංරක්ෂණ වෘත්තිකන්ගේ ජීවිත සුරක්ෂිතතාව, වෘත්තීමය භාවය උසස් කිරීම සහ වෘත්තීය ගැටළු විසඳීම සඳහා කඩිනමින් හා අවංකව මැදිහත්වන ලෙස අප රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු!

සුපුන් ලහිරු ප්‍රකාශ්

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...