ලංකා – ඇමරිකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්

සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සූදානම ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා – ශ්‍රී ලංකා හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක වන ‘CARAT Sri Lanka 2026’ සයවන ඒකාබද්ධ නාවික අභ්‍යාසය අද (ජූලි 27) ආරම්භ වූ අතර එය ජූලි 31 දක්වා ත්‍රිකුණාමලය සහ කොළඹදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුව, 2017 සිට මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාස වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව ලෝකයේ කාර්යබහුලම සමුද්‍රීය කොරිඩෝවක් ඔස්සේ පිහිටා ඇති බැවින් ඔවුන්ගේ නාවික හමුදාවන්ට එක්ව ක්‍රියා කිරීමේ හැකියාවට ප්‍රායෝගිකව ඉතා වැදගත් ස්ථානයක් හිමි වන බවයි.

CARAT වැඩසටහන හරහා, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව දේශසීමා ඉක්මවා යන තර්ජනවලට එරෙහිව කටයුතු කිරීම, සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් පැවැත්වීම, ස්වාභාවික ආපදාවලට ප්‍රතිචාර දැක්වීම සහ ගෝලීය වෙළෙඳාම සඳහා අත්‍යවශ්‍ය ඉන්දියානු සාගරයේ වැදගත් මුහුදු මාර්ග සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය හවුල්කාරිත්වයන් සහ ප්‍රායෝගික කුසලතා තවදුරටත් ශක්තිමත් කරන බව එම නිවේදනයේ දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...