ලංකා – ඇමරිකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක්

සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සූදානම ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා – ශ්‍රී ලංකා හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක වන ‘CARAT Sri Lanka 2026’ සයවන ඒකාබද්ධ නාවික අභ්‍යාසය අද (ජූලි 27) ආරම්භ වූ අතර එය ජූලි 31 දක්වා ත්‍රිකුණාමලය සහ කොළඹදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුව, 2017 සිට මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාස වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව ලෝකයේ කාර්යබහුලම සමුද්‍රීය කොරිඩෝවක් ඔස්සේ පිහිටා ඇති බැවින් ඔවුන්ගේ නාවික හමුදාවන්ට එක්ව ක්‍රියා කිරීමේ හැකියාවට ප්‍රායෝගිකව ඉතා වැදගත් ස්ථානයක් හිමි වන බවයි.

CARAT වැඩසටහන හරහා, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව දේශසීමා ඉක්මවා යන තර්ජනවලට එරෙහිව කටයුතු කිරීම, සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් පැවැත්වීම, ස්වාභාවික ආපදාවලට ප්‍රතිචාර දැක්වීම සහ ගෝලීය වෙළෙඳාම සඳහා අත්‍යවශ්‍ය ඉන්දියානු සාගරයේ වැදගත් මුහුදු මාර්ග සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය හවුල්කාරිත්වයන් සහ ප්‍රායෝගික කුසලතා තවදුරටත් ශක්තිමත් කරන බව එම නිවේදනයේ දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...