Breaking News

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ විනාශයට වන්දි ගැනීමේ කටයුතු කොට උඩ

කොළඹ වරායට නුදුරින් පසුගිය දා ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ගැනීමේ කටයුතු සහ අපද්‍රවය ඉවත් කිරීමේ කටයුතු විධිමත්ව සිදු නොවන තත්ත්වයක් ඇතිව තිබේ.

මේ අතර මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු මෙම මස අවසානයේදී හෝ ලබන මස මුලදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර පවසා තිබේ. ඇය සඳහන් කර සිටියේ රක්ෂණ වන්දි ලබා ගැනීමේ අරමුණෙන් කොළඹ ට්‍රයිකෝ මැරි ටයිම් පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ පෙත්සම විභාග කළ වාණිජ අධිකරණය නැව අත්අඩංගුවට ගන්නැයි නිකුත්කළ නියෝගයද වෙනස් කිරීමට තීරණය කර ඇති බවයි. එයට හේතුව අත්අඩංගුවට ගැනීමට නැවක් නොමැති බවට නීතිපතිවරයා විසින් කරුණු පැවසීමයි.

එසේම ගිනිගැනීමට ලක්ව දැනට ගීළි පවතින නැව නිසා පරිසර අවදානමක් පවතින බව පරිසරවේදීන් තවදුරටත් අනතුරු අඟවමින් සිටියි. මෙම පරිසර අවදානම ගැන සහ වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඉල්ලමින් වැඩිම බලපෑමට ලක්වූ සරක්කුව ප්‍රදේශයේ ධීවරයන් විරෝධතාවයකද නිරත වී තිබේ.

මේ අතර පරිසරවේදී හේමන්ත විතානගේ පවසන්නේ වෙරළ පිරිසිඳු කිරීමේ කටයුතු ඉතා අවිධිමත් ආකාරයෙන් සිදුවෙන බවයි. මේ හරහා වෙරළ තිරයට සිදුවී ඇති හානිය විද්‍යාත්මකව ඔප්පු කිරීමේ අවස්ථාවද ඇහිරී යන බව ඔහු පවසා තිබේ.

මේ පිළිබඳ හේමන්ත විතානගේ විසින් ලියන ලදුව මීපුර වෙබ් අඩවියේ පළවූ වාර්තාව පහත දැක්වේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් හානියට පත් කි මි 700 කට අධික වෙරල තීරයෙන් සරක්කුව වෙරල වඩාත් හානියට පත් ස්තානය කිවහොත් නිවැරදිය. ඒ වැඩිපුරම ප්ලාස්ටික් ඇට හා වෙනත් අබලිද්‍රව්‍ය ගොඩගැසුවේ එතනට බැවිනි. එම ස්තානයේ මීටර 1.5ක් පමන ගැබුරට ප්ලාස්ටික් ඇට තැන්පත්වී ඇති අතර එම ස්තානයට දිගින් දිගටම අලුතින් ප්ලාස්ටික් ඇට මුහුදෙන් ගලා එයි.

එනිසාම එතැන පිරිසිදු කිරීමට නව යන්ත්‍රයක් චින්තක වේරගොඩ මහතාගේ CRS Holdings විසින් නිර්මානය කල අතර සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය ඔහු සමග ගිවිසුමක් අත්සන් කොට වෙරල පිරිසිදු කිරීමට කටයුතු කලේය. එම යන්ත්‍රයේ විශේශත්වය වන්නේ එමගින් ප්ලාස්ටික් නර්ඩ්ල් වැලිවලින් වෙන්කරන අතර මයික්‍රොප්ලාස්ටික් සහ තවමත් රසායනික වශයෙන් ක්‍රියාකාරී sludge එකද වෙන්කර ගැනීමයි. මාස දෙකකට වැඩි කාලයක් නොයෙකුත් කෙනෙහිලිකම් මැද ක්‍රියාත්මක වු මෙම යන්ත්‍රය අද දින සිට සම්පූර්නයෙන් නවතා දමන්නට සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය ක්‍රියාකොට ඇත.ඒ වෙනුවට උඩින් උඩින් ප්ලාස්ටික් ඇට ඉවත් කරන අතර ගම්වාසී කාන්තාවන් කිහිපදෙනෙකු මුහුදෙන් තවමත් ගලාඑන ප්ලාස්ටික් ඇට ඉවත් කිරීමට යොදවා තිබේ.

එමගින් කතෝලික පල්ලිය සහ ධීවර ජනතාව කලමනාකරනය ක‍ර ගැනීම බලාපොරොත්තු වනවා විය හැකිය. අවාසනාවට ධීවර ජනතාවට මෙම වෙරලේ දූශිත තත්වය ගැන වැඩි වැටහීමක් නැත. ඔවුන්ගේ ඇතමෙක් මයික්‍රොප්ලාස්ටික් මෙහි ඇති බව වසන් කිරීමට කටයුතු කරන බවද පෙනේ. ඒ ඔවුන්ට ලග පෙනෙන හානියක් එමගින් නැති නිසාය. මෙහෙයුම් ක්‍රියාමාර්ග, පිරිසිදු කළ යුතු ප්‍රදේශ සහ ප්‍රමාණවත් අධීක්ෂණ යාන්ත්‍රණය පිළිබඳව අවබෝධයකින් තොරව සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය CRS හිමිකරුවන් සමඟ ගිවිසුමකට එළඹ ඇති බව මම සිතමි. වැඩ කරන දිනගනනට ගෙවන මෙම පිරිසිදු කිරීමේ වියදම පිලිබදව ගැටලු ඇති අතර, එය ක්‍රියාත්මක කිරීමේදී යම් සංකීර්ණතාවයක් ඇත. සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය විසින් වෙනමම හයර් කරන ලද JCB යන්ත්‍ර 3 ක් වැලි කැපීමට යොදවා ඇති අතර රසායනික වශයෙන් දූෂිත ස්තානයක් පිලිබද පසුබිමක් හෝ පළපුරුද්දක් නොමැති තෙවන පාර්ශවීය බුල්ඩෝසර් රියදුරන් විසින් සපයනු ලබන වැලි ප්‍රමාණය මත යන්ත්‍රය ක්‍රියාත්මක වෙයි. අප ජලය එක්‍ රැස් කරන ටැංකි සපයන්නේද සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය වෙනම ක්‍රමවේදයක් හරහාය.

මෙම සම්පූර්න ක්‍රමවේදය දූශිත එකක් ලෙස පෙනේ. කෙසේ වෙතත්, මෙම නිල් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය මඟින් පරිසර පද්ධති හා සාගර ජීවීන්ට වඩාත් භයානක වන පිළිස්සුණු ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලබා ගැනීම ඇතුළු විද්‍යාත්මක කරුණු රාශියක් සොයා ගන්නා ලදී. හානිය තක්සේරු කිරීම සඳහා සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය විසින් පත් කරන ලද කමිටුව පවා හදුනාගැනීමට අපොහොසත් වූ දේ මතුකර පෙන්වීම පිලිබදව මෙම නිර්මානකරුට ස්තූතිවන්ත විය යුතු අතර සරුක්කුව වෙරල කුඩා විද්‍යාගාරයක් බවට පත් විය. අවාසනාවකට මෙන් සාක්ෂි සෙවීම සඳහා එම ක්‍රියාවලිය භාවිතා කළ හැක්කේ කෙසේදැයි දැන ගැනීමට එක් සාමාජිකයෙකු හැර කමිටුව මෙම ස්තානයට පැමිණ නොතිබුනි.

එහෙත් මේ වනවිට එම සාක්ශි සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරියේ නියෝගයෙන් එම ස්තානයෙන් ඉවත්කොට ඇති බව දැනගන්නට ඇත. මෙමගින් හෙලිකල මයික්‍රොප්ලාස්ටික් පිලිබද කතාව අතිශය වැදගත්වන්නේ එම මයිකොප්ලාස්ටික් මගින් පරිසර පද්ධතියට හා මුහුදු ජීවීන්ට සිදුවන හානිය ප්ලාස්ටික් නර්ඩ්ල්ස් වලට වඩා සිය දහස්ගුනයක් වැඩි බැවිනි. එය රක්ශන සමාගම විසින් ලංකාවට ගෙවිය යුතු අලාභය දහස් ගුනයකින් වැඩි විය යුතු බැවිනි. මෙම සොයාගැනීමට ITOPF සහ P&I ඉන්සුවරන්ස් සමාගම කැමති නැති බව තේරුම් ගත හැකිය එහෙත් සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය එයට අකමැතිවීම එතරම් තේරුම් ගත නොහැක.පාරිසරික වශයෙන් සැලකිලිමත් පුරවැසියන් වශයෙන් අප උනන්දුවක් දක්වන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යාම සඳහා පිරිසිදු කිරීමේ පිරිවැය සීමාකාරී සාධකයක් වේ. පසුගිය දිනක සිදුකල ඒකාබද්ධ ක්ශේත්‍ර පරීක්‍ෂණයේදී නිල් යන්ත්‍රයේ ක්‍රියාකරු පිරිවැය නැවත සාකච්ඡා කිරීමට එකඟ විය. ITOPF පැවසුවේ මිල නැවත සාකච්ඡා කිරීමේ හැකියාව පිළිබඳව තමන් නොදන්නා බවයි.

මෙම වැරදි සන්නිවේදනය සහ වැරදි තොරතුරු සඳහා සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය වගකිව යුතු යැයි අපි විශ්වාස කරමු. දූෂිත වෙරළ තීරයේ සෑම ප්‍රදේශයකම මුහුදු කැණීම් කළ නොහැකි බව අපි හොඳින් දන්නා අතර විද්‍යාත්මකව ස්ථාන තෝරා ගැනීම, කැණීම් සහ නැවත වෙරල සැකසීම ප්‍රවේශමෙන් කළ යුතුය. කෙසේ වෙතත්, අති දූෂිත ස්ථාන පිරිසිදු කිරීම ඕනෑම වියදමකින් කළ යුතු අතර එසේ නොවුනහොත් එමඟින් මිනිසුන්ට අනවශ්‍ය සෞඛ්‍ය අවදානම් ඇති විය හැකිය. වියදම අඩු කිරීම සඳහා පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය නැවැත්වීමට හේතුවක් ලෙස එයට මුදල් ගෙවන P&I ඉන්සුවරන්ස් සමාගම හා එය අනුමත කරන ITOPF ආයතනය කටයුතු කිරීමට පෙර දේශීයව එම අවදානම් ස්තාන විශ්ලේෂණය කිරීමට බොහෝ කාලයක් තිබුනු බව අපි විශ්වාස කරමු. එහෙත් එසේ කරන්නට සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය කටයුතු නොකිරීම අතිශය කනගාටුදායකය.

 

 

leave a reply