ඔවුන් මිය ගියේ ද අකාලයේය, වෙඩි වැදී,විදුලිසැර වැදීය

දිනපතා අලි ඇතුන් මියයෑම ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් බවට පත් වී තිබේ. අද තවත් සද්දන්තයන් දෙදෙනෙකුගේ සමුගැනීම් වාර්තා වෙනවා . පලවෙනි මරණය අනවසර විදුලි සැර වැදීමෙන් ගඟ පාර තෙලුල්ල ජනපදයේ ඇතිලි වැව අසන්නේ සිදුවුවකි . දෙවන මරණය හම්බෙගමුව කරපිඥාලන්ද සිදුවී ඇති අතර එම මරණය සිදුවී ඇත්තේ වෙඩිතැබීමකින් බවට තොරතුරු වාර්තා වෙනවා.

අලි මිනිස් ගැටුම දිනපතා උත්සන්න වෙන ව්‍යසනයක් දක්වා ගමන් කර හමාරය. වටිනා මිනිස් ජීවිත පමණක් නොව, මේ දැවැන්තයන්ගේ සමුගැනීම ද සීඝ්‍ර වෙමින් පවතී. මේ ව්‍යසනයෙන් තීව්‍රතාවය කොතෙක්ද කියනවා නම් ගෙවුණු මාස තුන තුළ අලි ඇතුන් 80 කට වැඩි ප්‍රමාණයක් විවිධ හේතු පදනම් කරගෙන මරණයට පත්වී තිබේ.

අනවසර විදුලි සැර වැදවීමෙන්
වෙඩි තැබීමකින්

තොරතුරු සම්පාදනය පරිසරවේදී තුෂාර පල්ලියගුරුගේ

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...