ලෝන් එකට කැපෙන නිසා වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නෑ – ඇමති පියල් නිශාන්ත

තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බවයි.

”මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නැහැ. මොක ද මේ පාර්ලිමේන්තුවේම තියෙන බැංකුව තුළ, ඒ බැංකුවෙන් ගත්ත ලෝන් එකට මගේ වැටුප සම්පූර්ණයෙන්ම ලෝන් එකට සඳහා ම තමයි වෙන් වෙලා තියෙන්නෙ”

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, තවද තමාට ඇති ආර්ථික ශක්තිය අනුව එවැනි දෙයක් ක්‍රියාත්මක කිරීම අපහසු බවයි.

කෙසේ වෙතත් සිය හිතවතුන් කිහිප දෙනෙකු මාර්යෙන් තම වැටප මෙන් දස ගුණයක මුදලක් ලබාදීමට මේ වන විටත් කටයුතු කරගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

”ඉතින් එවැනි අවස්ථාවකදී මට තියෙන ආර්ථික හයියත් එක්ක කොහෙත්ම එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්නට අපහසු තාවයක් තියෙනව. වැදගත් වූ මගේ හිතවත්තු කිහිප පොළක් ඉන්නවා. ඒ හිතවතුන්ගේ මාර්ගයෙන් අපේ වැටුප වගේ දස ගුණයක මුදලක් ලබාදීමට මම මේ වන විටත් ඒ අවශ්‍ය කරන කටයුතු දැනටත් සූදානම් කරගෙන යනවා”

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...