ලෝන් එකට කැපෙන නිසා වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නෑ – ඇමති පියල් නිශාන්ත

තමාට කොවිඩ් අරමුදල වෙනුවෙන් වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නැතැයි, රාජ්‍ය අමාත්‍ය, පියල් නිශාන්ත පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, සිය වැටුප සම්පූර්ණයෙන් බැංකු ණයක් සඳහා වෙන් කර ඇති බැවින් එලෙස වැටුප පරිත්‍යාග කිරීමේ හැකියාවක් නොමැති බවයි.

”මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදිහක් නැහැ. මොක ද මේ පාර්ලිමේන්තුවේම තියෙන බැංකුව තුළ, ඒ බැංකුවෙන් ගත්ත ලෝන් එකට මගේ වැටුප සම්පූර්ණයෙන්ම ලෝන් එකට සඳහා ම තමයි වෙන් වෙලා තියෙන්නෙ”

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, තවද තමාට ඇති ආර්ථික ශක්තිය අනුව එවැනි දෙයක් ක්‍රියාත්මක කිරීම අපහසු බවයි.

කෙසේ වෙතත් සිය හිතවතුන් කිහිප දෙනෙකු මාර්යෙන් තම වැටප මෙන් දස ගුණයක මුදලක් ලබාදීමට මේ වන විටත් කටයුතු කරගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

”ඉතින් එවැනි අවස්ථාවකදී මට තියෙන ආර්ථික හයියත් එක්ක කොහෙත්ම එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්නට අපහසු තාවයක් තියෙනව. වැදගත් වූ මගේ හිතවත්තු කිහිප පොළක් ඉන්නවා. ඒ හිතවතුන්ගේ මාර්ගයෙන් අපේ වැටුප වගේ දස ගුණයක මුදලක් ලබාදීමට මම මේ වන විටත් ඒ අවශ්‍ය කරන කටයුතු දැනටත් සූදානම් කරගෙන යනවා”

Share post:

Popular

වෙනත් පුවත්

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...

හෝමාගම පොලීසිය මැරූ ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ...