1. IMF-NPP හවුල තම ආර්ථික ක්රියාන්විතය එළිදක්වා ඇත. NPP ය පැත්තෙන් රනිල්ගේ මාර්ගය තෝරාගෙන ඇති අතර ඒ පිටුපස වන තාක්ෂණික බුද්ධිවාදී මෙහෙයුම පක්ෂ හරහා ගොඩනැගුනු ව්යාපාරික ප්රභූන්ගේ සිට ප්රාග්ධනයේ පොදු ආකෘතියක් නියෝජනය කරන ප්රභූන් දක්වා (වාණිජ ප්රාග්ධනය සහ එහි සාමුහික පන්ති ආකෘතිය වන වාණිජ මණ්ඩලය) විතැන් වී ඇත. IMF එක පැත්තෙන් ඔවුහු තම වැඩසටහන හෝ එහි ගැඹුරින් සටහන් වූ ණය හිමියන්ගේ අභිලාශ ඉටු කිරීම මදක් හෝ වෙනස් කර නැත. ණය හිමියන් බැඳුම්කර සුදුව පරාජයට පත් වුවත් IMF-නන්දලාල්-NPP ඔවුන්ගේ ජයග්රහණය සනාථ කරනු ඇත. ශ්රී ලංකා ආර්ථික ස්ථායිකරණය මෙම ක්රියාන්විතයේ අතුරු ප්රතිඵලයක් මිස අරමුණ නොවන බව අප තේරුම් ගත යුතුය.
2. බොහෝ හිටපු-මාක්ස්වාදීන්ටත් ප්රගතිශිලින්ටත් TINA (There is no alternative) සින්ඩ්රෝමය වැලදී ඇත. IMF හැර වෙනත් විකල්පයක් හෝ විකල්ප ණය තිරසාරකරණ වැඩසටහනක් නැති බව කියන සමාජ ප්රකාශකයන් බවට මේ ‘ජනතාවාදීන්’ වේගයෙන් රූපාන්තරණය වී ඇත. ප්රතිපත්ති ප්රකාශන හුදු මැතිවරණ සැරසිලි පමණක් බව පන්ති දේශපාලනයේ ගැඹුරු දේශපාලන ආර්ථික කරුණු අපට ඉදිරියේදී මතක්කර දීමට නියමිතව ඇත. ලතින් ඇමරිකාවේ මෙන්ම ජනප්රියවාදය තම ඓතිහාසික දේශපාලන පාඩම ඉගෙන ගනු ඇත්තේ දේශපාලන ආර්ථිකයෙන් සහ අධිරාජ්යවාදයෙනි.
3. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තම රාජාසන කතාවේ කියූ බොහෝ ආකර්ශනීය කරුණු වලින් IMF ක්රියාන්විතය සුමට, උදාසීන ක්රියාවලියක් නොවන බවට සමාජයක් වශයෙන් අපි දන්නා පොදු සත්යයක් වසා දැමීමට උත්සහ කරයි. එහි භයානකම දිගුව වන්නේ සමාජ සුභසාධනය සිදුවන්නේ නම්, ‘වෙළදපළ බලවේග නිසි පරිදි ක්රියාත්මක වන්නේ නම්’ (රජය මැදිහත් වී මෙම බලවේග නිවැරදි කළ යුතු යැයි ඔහු කියයි) සහ බෙදීයාමේ විෂමතාව වෙනස්කළ හැකිනම් මේ ක්රමය අපට බාර ගැනීමට අපට කරන ආරාධනයයි.
4. 2025 ට ඉදිරිපත්වන නව අයවැය පදනම් වනු ඇත්තේ IMF විසින් හඳුන්වාදීමට බලකරන ලද ආර්ථික පරිවර්තන පනත සහ මහබැංකුව ස්වාධිනකරණය කිරීමේ පනත් වල කොන්දේසි වලට අනුකුලවය. එමෙන්ම IMF ඉලක්ක ඉටුකර ගැනීමේ මුල්ය විනයක් NPP ආණ්ඩුව පවත්වාගෙන යන්නේද යන්න පරික්ෂා කිරීමෙන් පසුව ඩොලර් මිලියන 333 ක මුදලට ශ්රී ලංකාවට ප්රවේශ වීමට හැකි වනු ඇත. ආර්ථික පරිවර්තන පනතේ එන සියලු කරුණු ක්රියාත්මක කරන්නේද එසේත් නැත්නම් ආණ්ඩුවේ අයවැයට අදාළ කොටස පමණක් ක්රියාත්මක කරන්නේද යන්න තාක්ෂණික මෙන්ම දේශපාලනික ප්රශ්නයක් වනු ඇත.
5. රාජ්‍යය අලුත් වටයකින් ගැඹුරු සමස්ථතාවාදයකට යට වෙමින් පවතී. එයට අප කුමන නමක් ලබා දෙන්නට උත්සහ කරත් අවසාන අර්ථයෙන් එය ලෙනින් සහ ඩැනියෙල් බෙන් සයිඩ් අපට නිතර අමතක් කර දුන් පරිදි වෙළඳපල සමස්ථතාවාදයේ මානුෂික, ආචාරධාර්මික මුහුණුවරයි.යය අලුත් වටයකින් ගැඹුරු සමස්ථතාවාදයකට යට වෙමින් පවතී. එයට අප කුමන නමක් ලබා දෙන්නට උත්සහ කරත් අවසාන අර්ථයෙන් එය ලෙනින් සහ ඩැනියෙල් බෙන් සයිඩ් අපට නිතර අමතක් කර දුන් පරිදි වෙළඳපල සමස්ථතාවාදයේ මානුෂික, ආචාරධාර්මික මුහුණුවරයි.
ආචාර්ය කල්ප රාජපක්ෂ