සහල් මාෆියාව දණ ගස්වන්න බැරිනම් අස්වෙනවා කියලා පුරාජේරු ගහපු ඇමතිවරු දැන් කෝ? – ඉන්ද්‍රානන්ද ද සිල්වා

සහල් මාෆියාව දණ ගස්වන බවත් එසේ කිරීමට බැරි වුවහොත් ඉල්ලා අස්වන බවටත් පුරාජේරු ගැසූ කෘෂිකර්ම ඇමති සහ වෙළඳ ඇමති ඇතුළු ආණ්ඩුව මෝල් හිමියන් ඉදිරියේ දණ ගැසූ බව ගොවි අරගල ව්‍යාපාරයේ ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසයි.

“ගොවියාගේ වී මිල සම්බන්ධ කාරණයට පිළිතුරක් ලැබුනට සමස්ත කාරණය අරගෙන බැලුවම එය බරපතලයි. සහල් මාෆියාවට සමස්ත කෘෂිකර්මය අත්පත්කරගැනීම තමයි ඊයේ පැහැදිලි වුනේ. සහල්වලට පාලන මිලක් දාලා හත්වන ගැසට් පත්‍රයත් නිකුත් කරපු ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති එමෙන්ම වෙළඳ ඇමති, මහින්දානන්ද සහ බන්දුල ගුණවර්ධන කිව්වා මෙවර සහල් මිල පාලනය කරනවා සහල් මාෆියාව දණ ගස්වනවා, එහෙම බැරි වුණොත් අපි දෙන්නම ඉල්ලා අස්වෙනවා කියලා. අපි අහනවා කෝ ඒ ඇමතිවරු? ඇඳන් යටද ඉන්නෙ? රෙදි ගලවගෙනද ඉන්නේ? කයිවාරු ගහන්න කලින් හිතන්න ඕනා මේ ආණ්ඩුව වැඩකරන්නේ ධන කුවේරන්යන්ගේ වුවමනා එපාකම්වලට බව. හාල් මෝල්වලට පැනලා හාල් ටිකක් අරගෙන ලොකු සංදර්ශනයක් කෙරුවා. ඒ සන්දර්ශනෙන් පස්සෙ වෙළඳපොලේ හාල් නැතුව ගියා. හාල් හංග ගත්තා. දෙවැනි සැරේටත් ගිහිල්ලා හාල් මෝල් වටලන්න තිබුනනනේ. අන්තිමට පාලන මිල ගැසට් එක අයින් කරා.

පසුගිය දවස්වල කයිවාරු ගහපු පොළොන්නරුවේ රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ දැන් කෝ? ඔබතුමාත් ඇඳ යටද? මේ රටේ වී මිල සහල් තීරණය කරන්න මෝල් මාෆියාකාරයන්ට ඉඩ දෙන්න බැහැ. ”

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...