චීන තෙල් පිරිපහදුවේ වැඩ ප්‍රමාද කිරීමට හේතුව හෙළිවෙයි

ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම ඍජු විදෙස් ආයෝජනය ලෙස හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් තිබූ තෙල් පිරිපහදුවේ වැඩකටයුතු ප්‍රමාද වීමට හේතුව චීනය විසින් ලංකාවේ වෙළඳ පොළට සීමා රහිත තෙල් සැපයීමේ ප්‍රවේශයක් ඉල්ලා සිටීම බව වාර්තා වේ.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන පරිදි පිලිබඳ එකඟතාවයකට එළඹීමට තවමත් නොහැකි වී තිබේ.

චීනයේ සිනොපෙක් සමාගම විසින් සිදුකිරීමට නියමිත මෙය ඩොලර් බිලියන 3.7ක විදෙස් ආයෝජනයකි.

මෙම වසර මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං වෙත කළ රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රමුඛ චීන ජාත්‍යන්තර ඛනිජ තෙල් සංස්ථාවක් වන සිනොපෙක් අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කරන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) මේ පිළිබඳ පවසා තිබුනේ මෙම ඩොලර් බිලියන 3.7 ක ආයෝජනය යටතේ බැරල් 200,000 ක ධාරිතාවයකින් යුත් අති නවීන තෙල් පිරිපහදුවක් හම්බන්තොට හි ඉදිකිරීමට නියමිත බවයි. පිරිපහදුවේ නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් අපනයනය සඳහා සැලසුම් කර ඇති අතර එමඟින් ජාතියේ විදේශ විනිමය ඉපැයීම් තවදුරටත් ඉහළ නංවයි. චීනයෙන් ලැබෙන මෙම ප්‍රධාන ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන අතරම හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නංවාලීමට අපේක්ෂා කෙරේ. එපමණක් නොව, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ නුදුරු අනාගතයේ දී සමස්ත ශ්‍රී ලාංකික ජනගහනයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

නමුත් පසුව සිනොපෙක් එහි පිරිපහදු කළ නිෂ්පාදන සඳහා දේශීය වෙළඳපොළට අසීමිත ප්‍රවේශයක් ඉල්ලා ඇති අතර රජය එකඟ වී ඇත්තේ සියයට 20 ක ප්‍රවේශයක් සඳහා පමණි. ඒ අනුව සිනොපෙක් සඳහා දේශීය වෙළඳපොළ කොටස පිළිබඳ තවමත් එකඟතාවයක් ඇතිකර ගැනීමට අසමත් වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...