ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නේ ඉදිරි අයවැයෙන් විසදන්න – නිරෝෂා ගුරුගේ

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතනයන්ගේ ජාතික ව්‍යාපාරය විසින් ණය වින්දිත කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය විසදීමට අදාළ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් බාර දී තිබේ.

එහිදී අදහස් දැක්වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයනගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු නිරෝෂා ගුරුගේ පැවසුවේ ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවලටත් ඇතුළත් කර ඇති බැවින් කඩිනමින් එය විසදීමට කටයුතු කරන ලෙසයි.

ඇය සඳහන් කලේ මේ මොහොතේ ආර්ථික අර්බුදය සමඟ ණය ගෙවා ගැනීමට නොහැකිව ජනතාව විශාල පීඩාවකට පත්ව ඇති බවයි. එම නිසා එළඹෙන අයවැය හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කිරීමට පියවර ගත යුතු බවයි.

ණය ගැනීමට නොහැකිව තමන්ගේ ආර්ථික කටයුතු පවත්වා ගැනීමට නොහැකිව සිටින ජනතාවට විසදුමක් ලෙස මෙම සහන පොළියට ණය ලබාදීමේ වගකීම රජයට පවරා ගන්නා ලෙසද නිරෝෂා ගුරුගේ වැඩිදුරටත් පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...