ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නේ ඉදිරි අයවැයෙන් විසදන්න – නිරෝෂා ගුරුගේ

ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතනයන්ගේ ජාතික ව්‍යාපාරය විසින් ණය වින්දිත කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය විසදීමට අදාළ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් බාර දී තිබේ.

එහිදී අදහස් දැක්වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයනගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු නිරෝෂා ගුරුගේ පැවසුවේ ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවලටත් ඇතුළත් කර ඇති බැවින් කඩිනමින් එය විසදීමට කටයුතු කරන ලෙසයි.

ඇය සඳහන් කලේ මේ මොහොතේ ආර්ථික අර්බුදය සමඟ ණය ගෙවා ගැනීමට නොහැකිව ජනතාව විශාල පීඩාවකට පත්ව ඇති බවයි. එම නිසා එළඹෙන අයවැය හරහා ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කිරීමට පියවර ගත යුතු බවයි.

ණය ගැනීමට නොහැකිව තමන්ගේ ආර්ථික කටයුතු පවත්වා ගැනීමට නොහැකිව සිටින ජනතාවට විසදුමක් ලෙස මෙම සහන පොළියට ණය ලබාදීමේ වගකීම රජයට පවරා ගන්නා ලෙසද නිරෝෂා ගුරුගේ වැඩිදුරටත් පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...