මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් – වෙඩි තැබීමකින් එක් සිරකරුවෙකු මරුට

මහර බන්ධනාගාරයේ වෙඩිතැබීමකින් සිරකරුවකු මිය ගොස් ඇති බව පොලිසිය නිල වශයෙන් නිවේදනය කර ඇත. බන්ධනාගාර බලධාරින් පවසන ආකාරයට, ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තබා ඇත. සිදුවීමෙන් රැඳවියකු මියගොස්, තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසන ආකාරයට, රැඳවියන් පිරිසක් ප්‍රධාන ගේට්ටුව කඩා ගෙන යාමට කළ උත්සාහයේ දී බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන්තාවයක් පාලනය කිරීම සඳහා වෙඩි තබා ඇත.

අපගේ ආරංචිමාර්ග අනුව, රැඳවියන් ගෙන ගිය විරෝධතාවකට මැදිහත්වීමේදී තත්වය පාලනය කිරීමට නොහැකි වීමෙන් ගැටුමක් හටගෙන ඇත. සවස 5.00ට පමණ විරෝධතාව ආරම්භකර ඇති අතර බන්ධනාගාරයේ වෙඩි තැබීම් ඇසීමත් සමග ප්‍රදේශවාසීන්ගේ අවධානය බන්ධනාගාරය දෙසට යොමු වී ඇත. සවස 6.30ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත්වීමෙන් පසුව වරින් වර වෙඩි ප්‍රහාර ඇසෙන බව ඔවුන් වාර්තා කළ අතර කෝපාන්විත කෑකෝ ගැසීම්ද උදව් ඉල්ලා ආයාචනා කරන හඬද ඇසී තිබේ.

රාත්‍රී 7.30 වන විටත් බන්ධනාගාරය ඇතුළත ගින්නක් මෙන්ම දිගින් දිගටම වෙඩි ශබ්ද ඇසෙමින් තිබිණ. පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය සඳහා යොදවා අවසානයේ මේ වනවිට. නාවික හමුදාවද මහර බන්ධනාගාරය වෙත කැඳවා තිබේ.

බන්ධනාගාරයේ ගිනිගැනීම් නිසා ගිනි නිවන හමුදාවද කැඳවා ඇතත් ගිනි භටයන්ට බන්ධනාගාරය තුළට යාමට අවස්ථාව ලබාදී නැත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...