රනිල්ගෙන් වතු කම්කරුවන්ට 1700 වෙනුවට 1350ක පොරොන්දුවක්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනයක් නැවතත් නිකුත් කර තිබේ.

පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දරගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.

ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

එමෙන්ම රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ද 1,700 දක්වා ඉහළ නැංවිය යුතු බවටද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

මෙම යෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා, එසේ විරුද්ධ වීමට හේතුවන කරුණු පිළිබඳ ප්‍රකාශයක්ද සමඟ එළැඹෙන 28 වනදා මධ්‍යාහ්න 12ට පෙර තමා වෙත යොමු කරන ලෙස පඩි පාලක සභාවේ සභාපතිවරයා අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව ඇත්තටම වැටුප් වැඩිකර ඇත්තේ රු 1350 දක්වා පමණි. ලංකා කම්කරු කොංග්‍රසයේ උත්සවයට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ පැවසුවේ මේ වැටුප ලබාදීම සඳහා වතු සමාගම් රැසක් එකඟ වී ඇති බවයි. එසේම දැනට නොගෙවා ඇති වතු කම්කරු අර්ථසාධක ලබාදීම සඳහා ද මැදිහත්වෙන බව ඔහු මෙහිදී පවසා ඇත.

වතු වෘත්තීය සමිති ඉල්ලා සිටියේ රු 2000ක වැටුප් වැඩිවීමකි. එසේ තිබියදී මීට පෙර නිකුත් කරන ලද රු 1700න් වැටුප් වැඩිකිරීමේ ගැසට් නිවේදනය ආණ්ඩුව අකුලා ගත්තේ වතු සමාගම් එම වැටුපට එරෙහි දැඩි තීන්දුවක සිටි බැවිනි.

දැන් එය 1350 දක්වා අඩුකර නැවතත් නිකුත් කර තිබේ. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ වැටුප් වැඩිකිරීම හරහා වතු කම්කරු ජනතාවගේ ඡන්ද මංකොල්ල කෑමට සහ වතු සමාගම් හොදින් තබා ගැනීමටයි. මෙම නව ගැසට් නිවේදනය හරහා මෙම කරුණු දෙකම ඉටුකර ගත හැකිය.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...