රනිල්ට මැතිවරණය කල් දන්න දෙන්නේ නෑ – වසන්ත මුදලිගේ

“මැතිවරණ කල් දැමීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය සහ මැතිවරණ පැවැත්වීමට කොමිසමේ සූදානම” පිළිබඳව සාකච්ඡා කිරීමට ජන අරගල සන්ධානය අද(10) මැතිවරණ කොමිසම වෙත ගොස් තිබෙනවා.

එහිදී ජන අරගල සන්ධානය මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

ඒ සදහා ජන අරගල සන්ධාන විධායක සභාව නියෝජනය කරමින් වසන්ත මුදලිගේ, තරිදු උඩුවරගෙදර, ධර්මසිරි ලංකාපේලී, රාජ්කුමාර් රජීව්කාන්ත්, ලහිරු වීරසේකර සහ සරණපාල යන අය මෙම හමුව සඳහා පැමිණ සිටියා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත මුදලිගේ පවසා සිටියේ,

“අද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් එක්ක අපි කතා කළා ආණ්ඩුවේ මැතිවරණ කල් දාන කුමන්ත්‍රණය ගැන. රනිල් වික්‍රමසිංහලාට දැන් ඕන ඡන්ද නොතියා යන පාරක්. පළාත් පාලන මැතිවරණය වෙලාවේ රනිල් කිව්වේ ඡන්ද කල් දාලා නෑ.. කල් දාන්න ඡන්ද නෑ කියලා..” ඊයේ මාතර රැස්වීමේදී කියනවා ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ගැන රට ගැන හිතලා තීරණය කරමුලු. රනිල් වික්‍රමසිංහට අයිතියක් නෑ එහෙම කියන්න. එයාට ජනවරමක් නෑ. කොටින්ම පොහොට්ටුව දුන්න ටෙම්පරි ජන වරමත් 2022 ජූලී රටේ ජනතාව අවසන් කළා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය හකුලවන තීරණ ගන්න මේ කාටවත් බෑ. මේ ගැන අද මැතිවරණ කොමසාරිස් එක්ක කතා කළා. ඔහු කිව්වා ඔවුන්ට පැවරී ඇති බලතල අනුව මැතිවරණ පැවැත්වීමට සූදානම් කියලා.”

තවදුරටත් ඔහු කියා සිටියේ ” ජන අරගල සන්ධානය ලෙස ප්‍රජාත්නත්‍රවාදය හකුළුවන ඕනෑම කුමන්ත්‍රණයකට එරෙහිව මැදිහත්වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...