Breaking News

හූව මොදි ආණ්ඩුව සහ ජනතාව

තිමස් විජිත්

පසුගියදා මෝදි අගමැතිතුමාගේ රථ පෙලට එල්ල වූ හූව මාලිමා පේ‍්‍රමීන්ටල සදාචාරවාදීන්ට හා ඔළුව වැල්ලෙ හංගා ගෙන සිටින විපක්ෂය ඇතුලූ අයට හිත් රිදෙන කරුණක් වෙලා බව පේනවා. අපෙනුත් කීප දෙනෙක්ම ප‍්‍රශ්න කළා ඒක කැතයි නේද කියලා. ඉතින් අපිට ඔවුන්ගෙන් පෙරලා ප‍්‍රශ්න කරන්න සිදුවුනේ මෝදි සමග එකතු වී අනුර කල වැඬේ ඊට වැඩියේ කී ගුණයකින් කැතයිද කියලා ඔයාලට නොතේරෙන්නේ ඇයිද කියලා. ඉතිං ඒ කැත කම ගැන පැති කීපයකින්ම පෙන්වා දෙන්න පුළුවන්. පළවෙනි කැත කම තමයි මොවුන්ම විරෝධය දැක්වූ ව්‍යාපෘති ජනතාවට හංගලා අත්සන් කිරීම. ජනතාව මේ විදියට මෙයාලාව පත් කරන්න රැුලි ගහලා එනකොට වේදිකාවල මේ සම්බන්ධයෙන් මේ අයම කරපු ප‍්‍රකාශ වලට පටහැනි වීම. එය වැඩි ඈතක නොව මාස කීපයක් තුල අංශක 180කින් ආපසු හැරීමක් නොවේද ඔවුන් වර නැගු දේ අතර දේශපාලන සංස්කෘතිය වෙනස් කරනව කියන එක. ඒක මෙයාල ඉටු කරාවි කියා විශ්වාසයෙන් නොවෙයිද ජනතාව මොවුන්ට බලය දුන්නේ. කලින් සංස්කෘතිය හොර ගිවිසුම් ලෙස විවේචනය කලා නම් මේ මොන ගිවිසුමද ජනතාවට හෙළි කලේ ඒ මොන සංස්කෘතියද කියල. දැන් ඇවිත් බෑගිරි ගෑවට වැඩක් තියෙයිද අනික දැන් කියන්නෙත් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ සමහර කරුණු ලබා ගත හැකිලූල ඒකද ඔය වෙනස් කල සංස්කෘතිය. එහෙනම් මේ කල දේ කැත නෙමෙයි ලැජ්ජයි නේද. අනික් කැත වැඬේ තමයි තමන් විරෝධය දැක්වූ ජනතාව ඒ මතවාදයන් තුලින් ආකර්ෂණය කරගෙන එයට පසු පස හරවා කරන කටයුත්ත. මීට මාස හතරකට පහකට එහාට ගිහිල්ලා මොවුන් ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඉදිරිපත් කල අදහස් නැවත කියවා/නරඹා බලන්න. ඔබටම තේරේවි මොන හිරිකිත නැති වැඩක්ද මේ අය කළේ කියලා. ආර්ථික ආරක්ෂක හෝ වෙනත් ගිවිසුම් වලට ඉන්දියාව වැනි බලවෙතකු සමග එළඹෙන විට කලාපයේ සෙසු රටවල ප‍්‍රතිචාරය කෙබඳු විය හැකිද ඒවා සමතුලනය කිරීමේ බලයක්/හැකියාවක් අප සතුව තිබෙනවාද. ඊළග කාරණය භු දේශපාලනික පරිසරය. අද යුක්රේනයට සිදුවී තිබෙන දේ හෙට අපට නොවන්නට වගබලා ගත යුතු නොවේද. ඔවුන්ම නොවේද ඉන්දියාව සතුටු කරන්නට එකක් දෙන විට චීනය සතුටු කරන්නට තව දෙයක් දෙන එකද ප‍්‍රතිපත්තිය විය යුත්තේ කියා ප‍්‍රශ්න කලේ. ඒ අතර මේ අය අපෙන් ප‍්‍රශ්න කළ තව කාරණයක් තමයි ඉතින් මේ විදියට කටයුතු නොකර කොහොමද මොකක්ද මේ අයට තියෙන විකල්ප මාර්ගය කියන කාරණය. අනික ඒ අය බලයට ආවේ පැවති තත්ත්වය වෙනස් කරන්නට කියාලා විශ්වාස කරන පිරිස් දැන් ඔහොම වුනාට පසුව ඔවුන් එය වෙනස් කරාවියැයි තවමත් විශ්වාසයෙන් සිටින බව.

කොහොම වුණත් මොවුන්ට මේ විදියට හැසිරෙන්න සිදුවී තිබෙන හේතුව මොකක්ද කියලා අපි අවධානය යොමු කරලා බැලූවොත් ඉතාම පැහැදිලියි ඒ ඔවුන්ට බලය සඳහා තිබෙන කෑදරකම බව. ඇයි අපි එහෙම කියන්නෙ. දේශපාලනේදි තියෙන්නෙ පැති දෙකයි. කාට වුනත් මේ පැති දෙකෙන් එකක් තෝරගන්න වෙනව. මේ වෙනකොට අපේ රටේ ආර්ථිකය හැසිරවීමේ බලය අත්පත් කරගෙන තිබෙන්නේ එක් පැලැන්තියක්. ඒ තමයි ව්‍යාපාරික නැතිනම් ධනපති පැලැන්තිය. ඔවුන් කරගහගෙන යන්නෙ නව ලිබරල් ප‍්‍රතිපත්තිය. මොකද ඔවුන්ට වාසි ගෙන දෙන්නෙ ඒ ක‍්‍රමය. එය රකින ලෝක බලවතුන්ටත් ඕනෙ වෙන්නෙ ඒ ක‍්‍රමය පවත්වාගෙන යෑම. ඒ ඔවුන්ටත් වාසි ලැබෙන්නෙ ඒ තුලින් වීම. එහෙමනම් පාලනයට එන අයට පහසුම දේ තමයි වැල යන අතට මැස්ස ගැසීම. හැබැයි එයින් පීඩිත මහ ජනතාව තව තවත් පීඩාවට පත්කරනවා මිස ඔවුන්ගේ ජීවිත ඒ ක‍්‍රමය තුලින් ගොඩ යන්නෙ නෑ. ඒ නිසා තමයි අපේ රටේ බහුතර ජනතාව දුප්පතුන් වෙලා තියෙන්නෙ. මෙතෙක් රට පාලනය කළ සියලූ දෙනා දේශපාලනය කළේ තමන්ගේ උවමනා එපා කම් වෙනුවෙන් මිස රට හෝ ජනතාව වෙනුවෙන් නොවෙයි. ඒ නිසා තමයි ඔවුන් අවසානයේදී පරම්පරා ගණනාවක් ණයකාරයින් බවට පත් කරලා මේ විදියට බංකොලොත් වෙච්ච රටක් ජනතාවට ඉතුරු කලේ. ඒ මේ සිස්ටම් එක කරගහගෙන ගිහිල්ලා. රට බංකොලොත් වුනත් දේශපාලනයට පිවිසි ඔවුන් සියලූ දෙනා පරම්පරාවන් හතක් ගොඩ දමන ආකාරයට වස්තුව ගොඩ ගසාගන්න සමත් වුනා.

පීඩිත පංතියේ ජනතාවගේ ජීවිත ගොඩදාන්න නම් මේ සිස්ටම් එක වෙනස් කරන්න වෙනව. ඒක ලේසි නෑ. මොකද මෙයින් වාසි ලබන ඉහල පැලැන්තිය විදෙස් බලවේග මේ සිස්ටම් එක කඩන්න ඉඩ දෙන්නෙ නෑ. ඒක කඩන්න නම් අවධානමක් ගන්න වෙනව. විමුක්ති දේශපාලනය ඇප්ලයි වෙන්නෙ මෙතනදි. එය තෝර ගන්න කොටම ජීවිතය පවා අහිමිවීමේ ඉරණමට ගොදුරු වෙනව. ජනතාව මේ අය බලයට ගේන්න කල්පනා කලේ මොවුන් ජීවිත පරිත්‍යාගයෙන් මේ දේශපාලනය තෝරාගත් පුද්ගලයෝ කියන විශ්වාසයෙන්. ඉතිහාසය ඊට සාක්ෂි සපයනව. ජනතාව තුල තිබුනේ බලය ලබාගෙන එහි සැප විඳින්න නොව රටත් ජනතාවත් මේ ඉරණමෙන් මුදා ගන්න මොවුන් ක‍්‍රියා කරාවි යන්න. එහෙත් අද ඉතා වේගයෙන් මේ සිස්ටම් එකට ඔවුන් අනුගත වෙමින් තිබෙනව. මේ මෝදි හුටපටයෙනුත් ප‍්‍රදර්ශනය කලේ ඒක. මොවුන් අද හිරවෙලා ඉන්නෙ එතන. සිස්ටම් කඩන්න ගියොතින් බලය අහිමි වීමේ අවධානමට මුහුණ දෙන්න වෙනව. එතනදි බලය අහිමිවීමෙන් එහා දෙයක් වුනත් වෙන්න පුලූවන්. හැබැයි ඒ අවධානමට මුහුණ දෙන්න ඔවුන්ට පුලූවන් වෙන්නෙ ජනතාව ඒ සඳහා මැදිහත්වීමෙන් පමණයි. ඒ නැතිව වෙන බලයක් නැහැ. මෙතෙක් බලයට පත් වූවන් ඒ අවධානම ගත්තෙ නෑ. ඒ ඔවුන්ට අවශ්‍ය වුනේ නෑ රටත් ජනතාවත් නගා සිටුවන්න. ඒ නිසා ඔවුන් මේ සිස්ටම් එකට අනුගතව රට පාලනය කලා. එතනදි පීඩාවට ලක් වන්නෙ ජනතාව. හැබැයි එතනදි පාලකයින්ට පීඩාවක් එල්ල වෙන්න පුලූවන් වෙන්නෙ ජනතාවගෙන්. හැබැයි රාජ්‍ය මර්ධනය යොදාගෙන ඒක පාලනය කරන්න පුලූවන්. එවන් පාලනයන්ට අභියෝග එල්ල කල මිනිසුන් දස දහස් ගනනින් උතුරේත් දකුනේත් මරා දමා ඔවුනගේ පාලනයන් රැුකගන්නට ඔවුන් අතීතයේ සමත් වුනා. ඒත් ලංකා ඉතිහාසයේ පලමු වතාවට ජනතා බලය හමුවේ එවන් පාලකයෙක් වූ ගෝඨාබයට පලා යන්න සිදු වුනා. එහෙනම් දැන් ලාංකීය සමාජයට තිබෙන අත්දැකීම අතීතයට වඩා වෙනස් එකක්.

ජනතාවගෙන් එල්ල විය හැකි අවදානම සැලකිල්ලට නොගෙන රටත් ජනතාවත් සූරා කන ආර්ථිකයේ ප‍්‍රතිලාභ ලබන ඒ පැලැන්තියත් එක්ක සහවාසයේ යෙදෙමින් මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලත් එක්ක යාළුකමෙන් තමන්ගේ ආණ්ඩුවට ඔවුන්ගේ රැුකවරණය ලබාගෙන තවදුරටත් පවත්වාගෙන යන්න හැකි යැයි ඔවුන් සිතන බව තමයි මේ පෙන්නුම් කරන්නෙ. අවශ්‍ය මොහොතක ලොකු අයියාගේ සහය ගන්න තැනට පසුබිම හදා ගැනීම. මොකද කලාපයේ බල පරාක‍්‍රමය වෙනුවෙන් අවට රටවල් කළමණාකරණය ඔවුන්ගේ සැලසුමේ කොටසක්.

එතනදී මොවුන් ඒ අවදානමට ලක් වෙනවා. ජනතාව වෙනුවෙන් දේශපාලනය කරනවා නම් එතනදි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න වෙන්නේ මහ ජනතාවට. මොවුන්ගේ වගකීම තමයි ඒ ජනතාව සංවිධානය කරගෙන ඒ ජනතාව සම්බන්ධ කරගෙන ජනතා බලය අර අනෙකුත් බලයන් වලට එරෙහිව යොදාගෙන අවශ්‍ය ක‍්‍රම වෙනස දක්වා රට මෙහෙයවන එක. නැත්නම් ජනතාවගේ පැත්ත ගෙන මේ සිස්ටම් එකට කෙළවන එක. ඒක තමයි අමාරුම කාර්යය. ඒ නිසා තමයි මොවුන් දැන් ඒ අමාරු කාර්ය අතහැරලා ලේසි කාර්යයට බැහැලා වැඩ කරමින් ඉන්නේ.

එතකොට මේ අය වෙනුවට අපි කාවද ගේන්නෙ. ඒ ඔවුන්ගෙන් තවත ප‍්‍රශ්නයක්. මේ වෙනුවට තව එකක් ගෙන එන එක නෙමෙයි මේ මොහොතේ කල යුත්තේ. ජනතාව විසින් පත්කරගනු ලැබූ පාලනයක් ඒ ජනතා අභිලාෂ පසෙක ලා කටයුතු කරනවානම් ජනතාවගේ වගකීම වන්නේ එය ආපසු හැරවීම. ඔවුන් ගොදුරු වෙමින් සිටින/ඔවුන්ව ගොදුරු කරගනිමින් සිටින ඒ අධිපති පංති ග‍්‍රහනයෙන් මුදවා ගැනීම. ඒ නිසා තමයි අපි කියන්නෙ ඡුන්දෙ දාල පැත්තක් ගහල ඉන්න එක නෙමෙයි වැඬේ ජනතාව ලෙස සංවිධානය වෙලා මේ දේශපාලනයට මැදිහත් වෙන එක කියල. එහෙම වුනොත් මොවුන්ට සිදු වේවි ජනතාවගේ පැත්ත තෝරගන්න. නැත්නම් ජනතාව සංවිධානය වෙමින් ඉදිරියට යන ගමනේ තව ජනතා බලවේග හමුවේවි. ඒ නිසා දැල්වූ ජනතා අපේක්ෂාවන්ට පසු පස හරවා කරන ලජ්ජා සහගත ක‍්‍රියාවළියට තිත තියන්නට පෙරට එන ලෙසයි අපි ජනතාවට කියන්නේ.

leave a reply