අන්තරේ කැඳවුම්කරු වසන්තට සහ ජිනරතන හිමිට වරෙන්තු

2021 වසරේ උද්ඝෝෂණයක නිරතව සිටිමින් අයුතු අවහිර කිරීමක් සිදු කළ බවට වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ එම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීයි.

එහිදී වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමි අධිකරණය හමුවේ පෙනී සිට නැති අතර කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට වරෙන්තු නිකුත් කර ඇත.

2021 වසරේ සිදුකළ උද්ඝෝෂණයකදී අයුතු අවහිර කිරීමක් සිදුකළ බවට මෙම දෙදෙනාට විරුද්ධව කොටුව පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...