අන්තරේ කැඳවුම්කරු වසන්තට සහ ජිනරතන හිමිට වරෙන්තු

2021 වසරේ උද්ඝෝෂණයක නිරතව සිටිමින් අයුතු අවහිර කිරීමක් සිදු කළ බවට වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ එම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීයි.

එහිදී වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමි අධිකරණය හමුවේ පෙනී සිට නැති අතර කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට වරෙන්තු නිකුත් කර ඇත.

2021 වසරේ සිදුකළ උද්ඝෝෂණයකදී අයුතු අවහිර කිරීමක් සිදුකළ බවට මෙම දෙදෙනාට විරුද්ධව කොටුව පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...