Breaking News

හදිසි අවස්තා යටතේ ඉතාලියේ ගෘහ සේවය කරන අයට ලැබෙන සහන

තීමස් විජිත්

කොරෝනා ආපදාවෙන් අපහාසුතාවයට ලක්ව සිටින ගෘහ සේවයේ යෙදෙන පිරිසට අදාළ සහන මොනවාද?
ගෘහ සේවයට අදාල සංවිධානය විසින් ඊයේ දින අදාල අංශ සමග සාකච්ඡාකර ප්‍රකාශයට පත්කළ කරුණු.
ගෘහ සේවයේ නියැලෙන සේවකයින්ට හා ඔවුන්ගේ ස්වාමීන් වෙත අවස්ථා හතරක් යෝජනා කර තිබේ.

1. සේවකයාට අදාල වාර්ෂික නිවාඩුව මේ මොහොතේ ලබාදීම. එවිට අදාළ වැටුප ලැබේ.
2. ආපදා තත්වයට අදාල නව නීති වලට අනුව අමතර නිවාඩු කාලයක් ලබාදීම. එවිට අදාළ වැටුප ලැබේ.
3. පඩි රහිත අවසර නිවාඩු ලබාදීම. එහිදී වැටුප් නොලැබේ.
4. සේවයෙන් ඉවත් කිරීම. එවිට සේවා අවසානයේ ලැබෙන දීමනා ලැබේ.

  1. පළමු අවස්ථාවේ දී සිදු වන්නේ සේවකයාට වසරකට අදාළ නිවාඩුව මේ මොහොතේ ක්‍රියාත්මක කිරීමයි. වසරකට දින 26ක් තිබෙන අතර සේවකයා හා ස්වාමියා එකඟතාවයකින් එම නිවාඩු මේ මොහොතේ ගෙවා දැමීමයි. පසුව තම නිවාඩුව ගන්නට අවස්ථාවක් නැත.

  2. දෙවන අවස්ථාවේ දී සිදු වන්නේ මෙම කාලයට අදාළව පනවා ඇති නීතිය යටතේ තිබෙන විශේෂ නිවාඩු දීමනා ලබා ගැනීමයි. මේ පිළිබඳව ස්වාමියා හා සේවකයා අතර ලිඛිත එකඟතාවයකට පැමිණිය යුතුයි. ස්වාමියාට ඒ අනුව Cassa Integrazione ප්‍රතිපාදනය යටතේ එම මුදල් ඉල්ලුම් කළ හැකියි.

  3. තුන්වන අවස්ථාව වැටුප් රහිතව අවසර නිවාඩු ලබා ගැනීමයි. මෙහිදී සිදුවන්නේ රැකියා කොන්ත්‍රාත්තුව අහෝසි නොවී තබාගැනීමයි. මේ මොහොතේ දෙපාර්ශවය එකඟ නම් සේවය අවසානයේදී ගෙවීමට නියමිත මුදලින් කොටසක් සේවකයාට ලබාගත හැක. එය සිදු වන්නේ දෙපාර්ශ්වයේ ම ලිඛිත එකඟතාවක් මත ය

  4. හතරවන අවස්ථාව වන්නේ සේවා ගිවිසුම අවසන් කිරීමයි. එහිදී සේවයෙන් පහ කිරීමට අදාළ පෙර දැනුම් දීම් නිසිලෙස කළ යුතු වේ. එසේ නොමැති අවස්ථාවල අදාළ දින ගණනට අනුව ගෙවීම් කළ යුතු වේ. සේවා ගිවිසුම සතියට පැය 25ට වැඩි නම් සේවා කාලය වසර 5 කට අඩු නම් පෙර දැනුම්දීම් කාලය දින 15 කි. සේවා කාලය වසර 5 කට වැඩි නම පෙර දැනුම් දීම් කාලය දින 30 කි.

සේවා ගිවිසුම සතියට පැය 25ට අඩු නම් සේවා කාලය වසර 2කට අඩු නම් පෙර දැනුම් දීම් කාලය දින 8ක් වන අතර සේවා කාලය වසර 2කට වැඩි නම් පෙර දැනුම් දීම් කාලය දින 15 කි. මෙහිදී අනෙකුත් සියලුම නීතිරීතිවලට යටත්ව සේවා අවසන් කළ හැක. අදාල සියළු දීමනා සේවකයා වෙත ස්වාමියා විසින් ගෙවිය යුතුය.

මේ වන විට ගෘහ සේවයේ නියැලෙන පිරිස අට ලක්ෂ හැට දාහක් (860.000)පමණ වන අතර ඉන් භාගයකට වැඩි පිරිස උපස්ථාන සේවකයින් වේ.
මෙහිදී සේවකයාට ඇත්තේ වාසි සහගත අවස්ථාවන් දෙකක් පමණි. තීරණය වන්නේ ස්වාමියාගේ කාරුණිකත්වය මතය.

තීමස් විජිත්

 

 

 

 


සබැඳි පුවත්

      ඉතාලි රජය රැකියා අහිමි කිරීමට එරෙහිව සීමා පනවයි, මව් රටවල් කරා ගිය අය ගැන තවම තීරණයක් නෑ

covid-19 නිසා ඉතාලිය හැර ගිය අයට නැවත ඉතාලියට ඇතුල් වීමට නොහැකි වෙන ලකුණු

leave a reply