උල් කටු සහිත බැරියර්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයක් අවස්ථාවේ පොලීසිය විසින් උල් කටු සහිත බැරියර් යොදා තිබීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල විය. බොහෝ දෙනෙක් සඳහන් කළේ එය භයානක තත්ත්වයක් බවයි. මේ ඡායාරූපයෙන් දැක්වෙන කටු කම්බි සහ උල් කටු සහිත බැරියරය යොදා තිබෙන්නේ මුලතිව්, වද්දුවකල් ප්‍රදේශයේ තම ආගමික පුදබිමකට යාමට අවසර ලබා නොදීමට විරුද්ධ වූ දමිළ බැතිමතුන් පිරිසකට එරෙහිවයි.

මුලතිව්, වද්දුවකල් දැනට හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින භූමියක පිහිටි දමිළ පුද බිමක ආගමික වතාවත් සිදු කිරීමට ශ්‍රී ලංකා හමුදාව විසින් බාධා කිරීමත් සමඟ බැතිමතුන් ඊයේ සවස වද්දුවකල් සප්ත කන්නිමාර් කෝවිල අසළ විරෝධතාවයක නිරත වී තිබේ.

එම ආගමික පුදබිමේ වාර්ෂික මංගල්‍යයට පෙරාතුව ප්‍රදේශයේ බැතිමතුන් මුලතිව් මුහුදේ චාරිත්‍රානුකූලව නෑවීම සඳහා දෙවියන් රැගෙන යන මාර්ගයේ ශ්‍රී හමුදා කඳවුරක් ද පිහිටා ඇත.

සෑම වසරකම, බැතිමතුන්ට කඳවුර හරහා යාමට හමුදාව අවසර ලබා දෙන නමුත් පසුගිය වසරේ කොවිඩ් වසංගතය හේතුවෙන් එයට අවසර ලැබී නැත. වසංගත නීති රීති දැන් ලිහිල් කර ඇති බැවින්, බැතිමතුන් ඔවුන්ගේ සුපුරුදු මාර්ගය බාවිතා කිරීමට අවසර ඉල්ලා ඇති නමුත් හමුදා විසින් එයට අවසර ලබාදී නැත.

මේ දිනවල දකුණේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සහ වෙනත් විරෝධතාවලට සිදුකරන හමුදා මැදිහත්වීම් සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ. මෙම තත්ත්වය උතුරේ දමිළ ජනතාවට දශක ගණනාවක් මුහුණදීමට සිදුවූ තත්ත්වයක් වන අතර යුද්ධය අවසන් වීමෙන් පසුව වුවද එහි වෙනසක් වී නොමැති බව මෙවැනි සිදුවීම් හරහා පැහැදිලි වේ.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...