Breaking News

කිරිකැටියව තනි නොකරන්න ඡන්දෙ ඉල්ලා ප්‍රසූත නිවාඩුත් කප්පාදු කරන්න සැරසෙයි.

වත්මන් ආණ්ඩුව විසින් 2020 සැප්තැම්බර් මස රාජ්‍ය සේවයට බදවා ගන්නා ලද අභ්‍යාසලාභි උපාධිධාරිනියන්ට මෙතෙක් ලබාදුන් වැඩකරන දින 84 ක ප‍්‍රසූත නිවාඩු කාලය සති 6 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ඇතුළු දේශපාලන පක්ෂ සංවිධාන ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. මව්වරුන්ගේ අයිතිය ඉල්ලා ජනාධිපතිවරයා වෙත යොමු කළ මෙම ලිපිය සියලු මාධ්‍ය ආයතන වෙතද යොමු කර ඇති අතර පහත පළවන්නේ එම ලිපියයි.


ජනාධිපතිතුමා,
ජනාධිපති මන්දිරය,
කොළඹ.

ජනාධිපතිතුමනි,

ප‍්‍රසූත නිවාඩු කප්පාදු කිරීම සම්බන්ධව විරෝධය දක්වන ඒකාබද්ධ ප‍්‍රකාශය

වත්මන් ආණ්ඩුව විසින් 2020 සැප්තැම්බර් මස රාජ්‍ය සේවයට බදවා ගන්නා ලද අභ්‍යාසලාභි උපාධිධාරිනියන්ට මෙතෙක් ලබාදුන් වැඩකරන දින 84 ක ප‍්‍රසූත නිවාඩු කාලය සති 6 දක්වා අඩුකර ඇත.

  1. සැප්තැම්බර් 2 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරින් 50000කට ආසන්න ප‍්‍රමාණයක් බඳවා ගන්නා ලද අතර ඉන් 38000කට අධික පිරිසක් උපාධිධාරිනියන් වේ. ඔවුන්ට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ලබාදුන් පත්වීම් ලිපියෙහි 07 වන වගන්තියේ සඳහන්ව ඇත්තේ ‘‘දරු ප‍්‍රසූතියක් සඳහා නම් එය සිදු වූ දින සිට දරුවාගේ පෝෂණ කටයුතු වෙනුවෙන් සති 06ක කාලයක් ප‍්‍රසූත නිවාඩු හිමිවේ’’යනුවෙනි. ඒ අනුව ඔවුන්ට ලැබෙනුයේ අඛණ්ඩ දින 42ක නිවාඩු කාලයකි. එය කිසිසේත් ම ප‍්‍රමාණවත් නොවන බවට කරුණු අවශ්‍ය නැත.

  2. විශේෂයෙන් 2018 සහ 2019 යන වසරවල බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට ද වැඩකරන දින 84ක කාලයක් ප‍්‍රසූත නිවාඩු හිමිකම ලැබිණි.

  3. ආයතන සංග‍්‍රහයේ ංසස වැනි පරිච්ඡේදයේ 18 වගන්තියේ ප‍්‍රසති නිවාඩු යටතේ, 18:1 යටතේ දක්වා ඇත්තේ ‘‘ස්ථිර, තාවකාලික, අනියන් හෝ අභ්‍යාසලාභී නිලධාරීනීන්ට මෙම වගන්තිය යටතේ ප‍්‍රසූති නිවාඩු හිමිවේ’’ යනුවෙනි. එහිම 18:2:1 යටතේ ‘‘නිලධාරිනියකට සෑම සජිවී දරු උපතක් ස`දහාම වැඩකරන දින 84 ක කාලයක් සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවක් හිමිවේ’’ යනුවෙන් විස්තරාත්මකව දක්වා ඇත.

  4. ආයතන සංග‍්‍රහය අනුව සති 06 ක කාලයක් ලබාදී ඇත්තේ ‘‘උපතේදී මරණය සිදුවන දරු උපතකදී සහ දරු ප‍්‍රසූතියෙන් සති 6ක් ඉක්මවා යාමට පෙර දරුවා මරණයට පත්වන අවස්ථාවේදී’’ වශයෙන් දක්වා ඇත.

  5. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේ උපතේ සිට මාස 6ක්වත් අනිවාර්යයෙන් දරුවකුට මව්කිරි ලබාදිය යුතු බවයි. එසේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවා මෙම හිමිකම අවධාරණය කර ඇත. විශේෂයෙන් මෙම උපාධිධාරිනියන්ට සති 06 ඉක්ම වූ පසු වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට පවා නොහැකි වන ලෙස කොන්දේසි ඉදිරිපත් කර ඇත. පත්වීම් ලිපියෙහි 07 වගන්තියේ දක්වා ඇත්තේ ප‍්‍රමාණය ඉක්මවා නිවාඩු ලබාගන්නේ නම් 1/30 ක් බැගින් මාසික දීමනාවෙන් අඩුකරන බවයි. ඊට අමතරව පුහුණු කාලය දීර්ඝ වන බවත් උසස්වීම් සඳහා බලපාන බවත් දක්වා ඇත.

  6. ඔබතුමා බලයට පත් වූයේ ‘‘කිරිකැටියා තනි නොවන්න… තරුණ මව්වරුන්ට රැකියාවෙන් තාවකාලිව ඉවත් වී යළි රැකියාවට එක් වීමට ක‍්‍රමවේදයක් යෝජනා කරමිනි. ඒ බව ඝෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම පිටුව 27 සඳහන් කර ඇත. තවදුරටත් ඔබතුමාගේ මැතිවරණ ප‍්‍රචාරය තුළ අභිමානවත් කාන්තාවක් කරවන යුගයක් ලෙස ද සඳහන් කර ඇත. එවන් ප‍්‍රකාශ පවා ඉදිරිපත් කර තිබියදී මේ සිදුවන දෙය එතරම් සදාචාරසම්පන්න නොවන බව අපගේ හැඟීමයි.

  7. මෙම කරුණු පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකොට ප‍්‍රසූත නිවාඩු වැඩකරන දින 84 ක කාලය නැවත ලබාදෙන මෙන් පහත අත්සන් තබා ඉල්ලා සිටිමු.

පිටපත්

01, අමාත්‍යතුමා – රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
02, ලේකම් – අග‍්‍රාමාත්‍ය කාර්යාලය
03, ලේකම් – මුදල් අමාත්‍යාංශය
04, ලේකම් – රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
05ග ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂක ජනරාල් – රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
06, සභාපති – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
07, ජාත්‍යන්තර කම්කරු සංවිධානය
08, සියලූම මාධ්‍ය ආයතන

ඒකාබද්ධ ප‍්‍රකාශයට එකඟ වූ සංවිධාන

01, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
02, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
03, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය
04, සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය
05, ලංකා ගුරු සේවා සංගමය
06, ස්වාධීන ලංකා ගුරු සංගමය
07,ඒකාබද්ධ ගුරු සේවා සංගමය
08, ලංකා බැංකු සේවක සංගමය
09, කිතුසර සංවිධානය
10, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය
11, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය
12, ඒකාබද්ධ ජල සම්පාදන සේවා සංගමය
13, ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය
14, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය
15, පෞද්ගලික සේවක මධ්‍යස්ථානය
16, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය
17, ප්‍රොටෙක්ට් වෘත්තීය සමිතිය
18,ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
19,නිමි භාණ්ඩ ඇඟළුම් හා රෙදිපිළි සේවක සංගමය
20, එක්සත් කම්කරු සම්මේලනය
21, නිදහස් සෞඛ්‍ය සේවාවක් ස`දහා ජනතා ව්‍යාපාරය
22, විශ‍්‍රාම වැටුප සුරැකීමේ සේවක මධ්‍යස්ථානය
23, වෙනසක තාරුණ්‍යය සංවිධානය
24, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
25, තරුණ නිතීවේදීන්ගේ සංගමය
26, ෆ‍්‍රැක්සිස් සාමුහිකය
27, සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරී සංගමය
28, ලංකා වෙළඳ කාර්මික පොදු සේවා සංගමය
29, තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය
30,ලංකා වතු සේවා සංගමය
31, වතු කම්කරු මධ්‍යස්ථාන
32, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සේවා සංගමය

leave a reply