විජයදාස රාජපක්ෂ රටේ ව්‍යවස්ථාව කියවා නැති බව ඔප්පු වෙන අවස්ථා කීපයක් පුබුදු ජයගොඩ හෙළිදරව් කරයි..

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ රටේ මූලික නීතිය වත් හරි හැටි නොදන්නා පුද්ගලයකු බව අද පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියා. මේ බව ඔහු ප්‍රකාශ කර සිටියේ විකාශන නියාමන කොමිසමක් ඇති කිරීම සඳහා කෙටුම්පත් කර ඇති විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දහස් දැක්වීම සඳහා කැඳවා තිබුණු මාධ්‍ය හමුවේ දීයි . විජයදාස රාජපක්ෂගේ මූලිකත්වයෙන් සම්මත කරගැනීමට උත්සාහ දැරුවේ පනත් ගණනාවක් අධිකරණයේදී ඒ පනත් රටේ මූලික නීතියට පටහැනි බවට පෙන්වා දීම හරහා මේ බව ඔප්පු වෙන බව ඔහු කියා සිටියා.

මේ කරුණු මත විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙස පෙනී සිටීමට නුසුදුසු පුද්ගලයෙක් බවද අවධාරණය කළ පුබුදු ජයගොඩ විජයදාස උන්මන්තකය ලෙස හැසිරෙමින් රටේ මූලික නීතියට පටහැනි පනත් ගෙන එමින් අන්ඩුවේ වුවමනාවට අනුව මර්ධනය ක්‍රියාත්මක කිරීමට භාෂණයේ අයිතිය උල්ලංඝනය කිරීමට උත්සාහ දරණ බව පෙන්වා දුන්නා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...