රනිල් බේරගන්න පොහොට්ටු, සජබ පාක්ෂිකයන් නැහැ

රනිල් වෙනුවෙන් කොළඹට එන බවට ඒකාබද්ධ විපක්ෂය එක්ව හඬ නැගුවද අවසානයේ ඉතුරුව ඇත්තේ පැරණි එජාප පක්ෂියන් පිරිසක් පමණක් බව තහවුරු වෙමින් පවතියි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සිය facebook පිටුව හරහා වාර්තා කර තිබුනේ පුද්ගලයන් නොමැති නිසා විශාල බස් රථ ප්‍රමාණයක් අවලංගු කර ඇති බවයි.

මේ අතර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි. පැමිණි පිරිස සටන් පාඨ කියමින් විරෝධතාවයක් අධිකරණයට ආසන්නයේ පවත්වමින් සිටියි.

අධිකරණ භූමිය දෙසට කිව් මාර්ගය මේ වනවිට ආරක්ෂ අංශ විසින් වසා දමා ඇති අතර, සීමිත පිරිසකට පමණක් ඉන් ඇතුළු වීමට අවසර හිමිව ඇත.

මේ අතර නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන අයද අධිකරණ සංකීර්ණය වෙත පැමිණ තිබේ. අධිකරණ සංකීර්ණයෙන් පිටතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පවසා තිබුනේ තමන් ඕනෑම දෙයකට සූදානම් බවයි. එසේම ආණ්ඩුව දිගටම රාජපක්ෂවරුන්ගෙන් පළිගනිමින් සිටි අතර දැන් රනිල්ගෙන් පළි ගැනීම ආරම්භ කර ඇති බවයි.

සජිත් ඇතුළු සජබ සාමාජිකයන්ද අධිකරණ සංකීර්ණයට පැමිණ තිබේ.

ලොක්කන් දේශපාලන වාසි වෙනුවෙන් ඕනෑම කුණු ගොඩක ලැගීමට සූදානම් ව සිටියද පාක්ෂිකයන් එය නොපිළිගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...