කැබිනට් මාධ්‍ය හමුව කාලය නාස්ති කිරීමක්ද?

බන්දුල ගුණවර්ධනගේ ජාතක කතා සම්ප්‍රදාය අවසන් කරල යම් තත්ත්වයකින් කැබිනට් මාධ්‍ය හමුව පවත්වන්න කටයුතු කිරීම අලුත් ආණ්ඩුවේ හොඳ වැඩක්.

ඒත් ඒකෙ කාලය කළමනාකරණය වෙන්නේ නෑ.

ඒකට ප්‍රධාන හේතුවක් ජනමාධ්‍යවේදීන් කීප දෙනෙකු අසීමාන්තිකව වචන නාස්ති කරමින් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීම.

මේ නිසා ඇතැම් මාධ්‍යවේදීන් ජාතික වශයෙන් වැදගත්කමකින් යුතුව අහන්න තිබෙන ප්‍රශ්න නොඅසාම සීමා කරගන්නවා.

මේක අද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රංශ පුවත් සේවයේ මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාටම පැහැදිලි කළා.

“ යෝජනාවක් කරන්න කැමැතියි වට කීපයක් ඇති කරලා පළමු වටයේ සියලු දෙනාට එක අවස්ථාවක් දුන්නොත් සියලු දෙනාට කාලය කළමනාකරණය කරන්න පුළුවන්. ඊට සම්බන්ධිත ප්‍රශ්න තිබුණොත් ඒ සමගම අහන්න දෙන්න. මාත් කැමැතියි ප්‍රශ්න 5ක් විතර අහන්න. ඒත් කාලය ගැන හිතලා එකක් අහන්නම් අද”

කැබිනට් මාධ්‍ය හමුව අර්ථාන්විතව පාවිච්චි කිරීම මාධ්‍යවේදීන්ගේ ජාතික වගකීමක්.

සහෝදර මාධ්‍යවේදියකුගේ අර්ථාන්විත ප්‍රශ්නයකදී කැබිනට් ප්‍රකාශක ආඳා නියාය පාවිච්චි කරද්දි තව මාධ්‍යවේදියකුට පුළුවන් ඒක මිස් වෙන්න නොදී ඊළඟ ප්‍රශ්නය අහන්න.

හැබැයි ඒකටත් අපි අතර හොඳ
සම්බන්ධීකරණයක් ඕනෑ.

යුද්ධ කාලේ කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්නවලින් පලායද්දි මාධ්‍යවේදීන් එකතු වෙලා එහෙම ප්‍රශ්න ඇහුවා.

අද අපි අතර නැති එල්මෝ ප්‍රනාන්දු කියන දැවැන්තයාගෙ සිට ශාන්ත විජේසූරිය, ඥානසිරි කොත්තිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් කීප දෙනෙක්ම මතක් කරන්න පුළුවන් එතැනදි.

එදත් ආණ්ඩුවට කඩේ යමින් ඒවාට බාධා කළ ලියනඅප්පුලා හිටියා. (එතකොට යූ ටියුබ් නැති නිසා මයික් ටයිසන්ලා හිටියේ නෑ)

කාලය කළමනාකරණය කරගන්න පුළුවන් තව ආකාර කීපයක් තියෙනවා. දැනට එකක් කියන්නම්.

කැබිනට් මාධ්‍ය හමුව තියන්නෙ දවල් නිසාත් ඒක මධ්‍යහ්නයක් කියල අපි කවුරුත් දන්න නිසාත් ඇමැතිවරයාටයි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ටයි සුබ පතන්න කාලය නොගෙන ඉන්න පුළුවන්.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...